ජනවාරි 27 වනදා මල්ලාක්කම් මහේස්ත්‍රාත් අධිකරණය විසින් සේවකයන් නෙරපීමට ලබා දුන් නියෝගය නීති විරෝධි බවට තර්ක කරමින් සමාගම විසින් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරනු ලැබූ බව එම්.ටී.ඩී වෝකර්ස් පී.එල්.සී සමාගමෙහි අධ්‍යක හා ප්‍රධාන විධායක නිලධාරි ලාල් පෙරේරා මහතා පවසයි.
මේ අනුව අප්‍රේල් 6 වෙනිදා (සඳුදා) සිට මල්ලාක්කම් මහේස්ත්‍රාත් අධිකරණයට සහ යාපනය මහාධිකරණයට නිල වශයෙන් දැනුම් දුන් පසු අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා ද අදාළ ආයතනයන්ගේ පරීක්ෂණ කටයුතු සඳහා ද එනම් ජනනය හැර අන් සියලුම සාමාන්‍ය කටයුතු සිදු කිරිමට හැකි ව ඇති අතර තවදුරටත් ලබන 16 වන දා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස සියලුම වගඋත්තරකරුවන්ට (මුල් නඩුවේ ඉල්ලුම්කරුවන් 11 දෙනාට) නියෝග බර තිබෙනවා යැයි ලාල් පෙරේරා මහතා වැඩිදුරටත් පවසා සිටියි.
සමාගම බලාපොරොත්තු වනුයේ යාපනයේ පවතින අවාසනාවන්ත ජල ප්‍රශ්නයට තම සමාගමේ කිසිදු සම්බන්ධකමක් නැති හෙයින් විදුලි ජනනයටද අධිකරණය විසින් ඉදිරියේ දි අවසර ලබා දෙනු ඇති බවයි.
දැනට පවත්නා සියලුම විද්‍යාත්මක සාක්ෂිවලට අනුව වර්තමානයේ යාපනයේ ඇති වී තිබෙන භූගත ජලය දූෂණය වීමේ ගැටළුවට ශ්‍රී ලංකාවේ උතුරට විදුලි බලය සපයන නෝදර්න් පවර් (පෞද්) සමාගම කිසිදු ආකාරයකින් සම්බන්ධයක් නැති බවත් එවැනි අසත්‍ය චෝදනා විවිධ යටි අරමුණු ඇති පාර්ශවයන් විසින් නගා ඇති බවත් එහි මව් සමාගම වන ශ්‍රී ලංකා සමූහ ව්‍යාපාරයක් වූ එම්.ටී.ඩී වෝකර්ස් පී.එල්.සී සමාගම මීට ඉහතදී පැවසීය.
අවශ්‍ය සියලුම පාරිසරික අවසරයන් හා බලපත්‍ර නිසි කලට ලබා ගෙන ඇති බවත් රජය විසින් කලින් කලට කරන සියලුම පරීක්ෂණ වලදී සියලුම පිරිවිතර හා අවශ්‍යතා සැමවිටම සපුරා ඇති බවත් සමාගම තවදුරටත් පවසයි.
“මූලික පරීක්ෂා කිසිවකින් භූගත ජලය අපවිත්‍ර වීමට මෙම බලාගාරයේ සම්බන්ධතාවයක් තිබෙන බවට කිසිම සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ සමාගම හැටියට අප සෑම විටම අනුගමනය කල යුතු සියලුම පාරිසරික නීති රීති යහපාලන හා ආචාරධර්ම උපරිමයෙන් සුරක්ෂිත කිරීමට අප සැම විටම ඇප කැප වන බවයි.” යැයි සමාගම කියා සිටියි.
SDF