පරිසර හිතකාමී සංකල්පයනට අනුව අලංකාර තුරුලිය මගින් ආවරණය වන ආකාරයට ඉදිකරනු ලබන ඉංජිනේරු පීඨයේ සයමහල් ගොඩනැගිල්ල හිරු එළිය හා වාතාශ්‍රය කාර්යක්ෂම ලෙස උපයෝගී වන අයුරුන් නිර්මාණය කර ඇති අතර මෙම ගොඩනැගිල්ල ඉංජිනේරු ශිල්පය හැදෑරීමට අවශ්‍ය සියලු ම නවීන පහසුකම් සහිත ව පරිසර හිතකාමී අන්දමින් ශ්‍රී ලංකාවේ ඉදිකරනු ලබන ප්‍රථම ගොඩනැගිල්ල වේ. 2015 වර්ෂය අවසානයේ දී මෙහි දෙවන අදියර අවසන් වීමෙන් පසුව එය පීඨාධිපති කාර්යාලයක්, දෙපාර්තමේන්තු 07ක් ස්ථාපිත කිරීමට අවශ්‍ය පහසුකම්වලින්
සංකීර්ණ හා නාවික තාක්ෂණික පහසුකම්වලින් සපිරි විද්‍යාගාර 16ක්, ශිෂ්‍ය දේශණ ශාලා, කාර්යාල කාමර, කියවීමේ ශාලා සහ ඉංජිනේරු ඇදීම් සඳහා නවීන පහසුකම් සහිත ශාලාවලින් අංග සම්පූර්ණ වන අතර වාර්ෂිකව ශිෂ්‍ය ශිෂ්‍යාවන් 250 කට එකවර පුහුණු කිරීම් කිරීමට අවශ්‍ය පහසුකම් සැලසෙනු ඇත.
එසේම අද විවෘත කරන ලද KDU කෙයාර් මධ්‍යස්ථානය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ හස්තය ලෙස ක්‍රියාකරන අතර විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයක් නොමැති අඩුපාඩුව මඟහරවමින් විශ්වවිද්‍යාල සිසුනට හා ආචාර්ය මණ්ඩලයට නව පර්යේෂණයන් සඳහා අත්වැලක් වෙමින් ක්‍රියා කරයි. මෙම නව කෙයාර් මධ්‍යස්ථානය උසස් පර්යේෂණ විද්‍යාගාරවලින් සමන්විත වන අතර ජානමය පර්යේෂණ කිරීමේ හැකියාව, සත්වයන් පිළිබඳ ව පර්යේෂණ කිරීමේ හැකියාව සහ ජීව වෛද්‍ය පර්යේෂණ කිරීමේ හැකියාවෙන් ද යුක්තය.
නවීකරණය කරන ලද වෛද්‍ය මධ්‍යස්ථානය පිරිමි වාට්ටුවක්, කාන්තා වාට්ටුවක් සහ හදිසි ප්‍රතිකාර ඒකකයකින් හා ඊට අවශ්‍ය සියලු ම වෛද්‍ය පර්යේෂණ උපකරණවලින් සමන්විත වන අතර විශ්වවිද්‍යාලයේ සිසුන් හා කාර්ය මණ්ඩලයේ උන්නතිය සඳහා බෙහෙවින් උපකාරී වේ.
ආරක්ෂක ලේකම්වරයා විසින් සමරු ඵලක නිරාවරණය කිරීමෙන් අනතුරුව මෙම නව ගොඩනැගිලි නිරීක්ෂණය කිරීම ද සිදු කරන ලදී.
DB