අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැලිමඩ ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පවුල් 161 ක් සදහා ස්ථිර ඉඩම්

    මාර්තු 04, 2020

    වැලිමඩ ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පදිංචි ඉඩමක නිත්‍යාණුකූල හිමිකමක් නොමැති පවුල් 161 ක් සදහා ඉඩම් හිමිකම් බලපත‍්‍ර හා දීමනා පත‍්‍ර ලබාදීම වැලිමඩ ප‍්‍රාදේශිය සභාවේ සභාපති එස්.ඒ.ආර්. බන්දුසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් (02 දා) වැලිමඩ ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

    සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය අනුව වත්මන් රජය මගින් ක‍්‍රියාත්මක කරනු ලබන ඉඩම් බලපත‍්‍ර හා දිමනා පත‍්‍ර කඩිනම්න් ලබා දිමේ වැඩසටහන යටතේ මෙම ඉඩම් බලපත‍්‍ර හා දීමනාපත‍්‍ර බෙදා දිම සිදු කෙරුණ අතර මෙහිදී ඉඩම් බලපත‍්‍ර 136 ක් සහ දිමනා පත‍්‍ර 25 ක් ප‍්‍රදානය කරන ලදී .

    මෙම අවස්ථාවට වැලිමඩ ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය, වැලිමඩ ප‍්‍රාදේශීය ලේකම් චමින්ද වීරසිංහ මහතා, රාජ්‍ය නිලධාරීන්, ඉඩම් හිමිකම් ලාභීන් ඇතුළු විශාල පිරිසක්
    එක්ව සිටි අතර වැලිමඩ ප‍්‍රාදේශීය ලේකම් චමින්ද වීරසිංහ මහාතාගේ උපදෙස් පරිදි එම කාර්යාලයේ ඉඩම් අංශය මගින් මෙම උත්සවය සංවිධානය කොට තිබුණි.

     

    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - බදුල්ල

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya