අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැලිමඩ ජාතික පාසලට අංග සම්පූර්ණ වැසිකිළි පද්ධතියක්....

    ජූලි 20, 2019

    වැලිමඩ අධ්‍යාපන කලාපයට අයත් බ/වැලිමඩ ජාතික පාසලේ සිසු දරු දැරියන්ගේ පරිහරණය සදහා ඉදිකිරීමට සැලසුම් කර ඇති අංග සම්පූර්ණ නව සනීපාරක්ෂක වැසිකිළි පහසුකම් පද්ධතිය සදහා මුල්ගල් තැබීම වැලිමඩ එක්සත් ජාතික පක්ෂ ප‍්‍රධාන සංවිධායක කම්කරු හා වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවිර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

    නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක ජල සම්පාදන හා සනිපාරක්ෂාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන අතර ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 6.7 කි.

    මෙම අවස්ථාවට වැලිමඩ ප‍්‍රාදේශිය සභාවේ උප සභාපති සිතා සමරවීර, ජල සම්පාදන හා සනිපාරක්ෂාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ බදුල්ල දිස්ත‍්‍රික් කාර්යාලයේ දිස්ත‍්‍රික් කළමණාකරු ඉංජිනේරු නිශාන්ත බස්නායක, වැලිමඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඞී. ජයතිලක, වැලිමඩ ජාතික පාසලේ විදුහල්පති සී.පී.මලල්ගොඩ මහත්මිය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - බදුල්ල

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya