අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලය 2018 වසරේ ලංකාවේ පළමු තැනට

    මාර්තු 10, 2019

    ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලය 2018 වසරේ ලංකාවේ පළමු තැනට පත්ව තිබේ.

     එම අධිකාරියේ අනෙකුත් කාර්යාල අභිබවා මෙම තැන දිනා ගැනීමට සමත්ව ඇත්තේ පුහුණු වැඩ සටහන් සහ ඒවාට වැඩිම පිරිසක් යොමුකර පුහුණු අවස්ථා උදාකිරීම වෙනුවෙනි.

     

    මෙම තැන හිමිකර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්.කේ බන්දුල හරිශ්චන්ද්‍ර,අතිරේක දිස්ත්‍රික ලේකම් සී.ඒ.සුනෙත් ලෝචන යන මහත්වරුන්ගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරු,ග්‍රාමනිලධාරීවරු,ආර්ථීක සංවර්ධන නිලධාරී,සමෘද්ධි සංවර්ධන නිලධාරී,වෘත්තීය පුහුණු නිලධාරී, ඇතුළු රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ ලැබුණු සුවිශේෂ දායකත්වය නිසාය.

     

    මෙම වැඩසටහන සදහා ඉතා විශිෂ්ට සේවාවක් සිදු කල නිලධාරීන් ඇගයීමේ වැඩසටහනක් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල සිලෝන් සී හෝටලයේදි 2019.03.06 දින පැවැත්විණි.මෙහිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකින් වැඩිම පිරිසක් පුහුණු වැඩසටහන් සදහා සහභාගි කල නිලධාරියාට සමරු තිළිණයක් එම අධිකාරිය විසින් පිරිනැමුණු අතර ඒ සදහා සැලසුම් ඉදිරිපත් කර උපදෙස් දෙමින් නිලධාරීන් යොමු කර ඉලක්කය සදහා ලගාවීමට අවස්ථාව ලබා දීම වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්තුමාටද සමරු තිළිණයක් පිරිනැමිණි.

     

    මෙම අවස්ථාව සදහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්.කේ බන්දුල හරිශ්චන්ද්‍ර, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියේ හම්බන්තොට පළාත් සහකාර අධ්‍යක්ෂ එස්.ඩී. අබේවික්‍රම,හම්බන්තොට වරාය සංවරෟධන ව්‍යාපෘතියේ මානව සම්පත් කළමණාකරු ජීවන් ප්‍රේමසිරි,යන මහත්වරු. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු පිරිසක් එක්විය.

     දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya