අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉල් පුර පසළොස්වක පොහෝ දිනයට සමගාමීව ධර්ම දේශනාමය පිංකමක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී

    නොවැම්බර් 20, 2018

    ශ්‍රී ලාංකේය සමාජයේ ජනී ජනයා ආගම දහමින් ඈත් වෙමින් තම ආත්මාර්ථකාමී අරමුණු පසුපස හැල්මේ හඹා යන යුගයක මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන්ගේ ධර්ම ඥානය පුබුදු කරවනු වස් සෑම පුර පසළොස්වක පොහෝ දිනයක් ම නිමිති කර ගනිමින් මාසිකව පවත්වනු ලබන සද්ධර්ම දේශනා මාලාවේ නොවැම්බර් මස ධර්ම දේශනය ඉල් පුර පසළොස්වක පොහෝ දිනය නිමිති කර ගනිමින් අපරැක්ක සේපාලිකාරාමාධිකාරී පූජ්‍ය කුඩාබැඳිවැව සුමන හිමියන් විසින්  (19) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදි.

    මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ සංකල්පයක් අනුව මෙම ධර්ම දේශනා මාලාව පවත්වනු ලබන අතර පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවයේ නියුතුව සිට හදිසියේ වියෝ වූ සුමුදු චාමින්ද දයාරත්න මහතාට පිංපිණිස හා දිසාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට සෙත්පතා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සංඛ්‍යා ලේඛන අංශය මගින් මෙවර ධර්ම දේශනාමය පිංකම සංවිධානය කරන ලදි.

    මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලෙහ්වා මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම මෙනෙවිය ඇතුළු මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය රාජ්‍ය නිලධාරීන් ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සඳහා එක් වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya