අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පෙරළිය කඩිනම් වැඩසටහනෙන් මිලියන 1276ක ගාල්ලට

    ඔක්තෝබර් 17, 2018

    ගම්පෙරළිය කඩිනම් වැඩසටහන මගින් ගාල්ල දිස්ත්‍රික්කයේ රුපියල් මිලියන 1276ක වියදමින් ව්‍යාපෘති 2561ක් ක්‍රියාත්මක කිරිමට යෝජනා වී ඇත.

    දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ 10 තුළ මෙම සංවර්ධන කටයුතු සිදු කෙරෙන අතර මැතිවරණ කොට්ඨාශයට අදාළව ව්‍යාපෘති තෝරා ගැනීම සිදු කෙරේ. ගම් මට්ටමෙන් ක්‍රියාකාරි කුඩා ව්‍යාපාර නැංවීම, වැව් අමුණු ප්‍රතිසංස්කරණය කර කෘෂිකර්මාන්තය නගා සිටුවීමේ ස්ථිර ක්‍රමවේදයන් සකස් කිරීම, මහජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් නැංවීමට, මිනිසුන්ගේ නිවාස අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට, ජල ව්‍යාපෘති, විදුලි ව්‍යාපෘති වැනි ගම් මට්ටමින් ක්‍රියාත්මක වන ග්‍රාමිය ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රතිලාභ මෙම ගම්පෙරළිය ජාතික වැඩසටහන මගින් මගින් සිදු කෙරෙන බව ගාල්ල දිස්ත්‍රික් සැලසුම් ඒකකය පෙන්වා දෙයි.

     

    ගාල්ල මැතිවරණ කොට්ඨාශයට ව්‍යාපෘති 350ක්ද අම්බලන්ගොඩට ව්‍යාපෘති 396ක්ද කරන්දෙණියට ව්‍යාපෘති 492ක්ද මේ යටතේ අනුමත වී ඇත. බද්දේගම මැතිවරණ කොට්ඨාශයට ව්‍යාපෘති 359ක්ද ,බලපිටියට ව්‍යාපෘති 134ක්ද , බෙන්තර ඇල්පිටිය මැතිවරණ කොට්ඨාශයට ව්‍යාපෘති 105ක්ද ක්‍රියාත්මක කෙරේ.රත්ගම මැතිවරණ කොට්ඨාශයේ ප්‍රතිලාභින් වෙනවෙන් ව්‍යපෘති 194ක්ද හබරාදුවේ ව්‍යාපෘති 109ක් හා හිනිඳුම ව්‍යාපෘති 309ක් අක්මීමණ මැතිවරණ කොට්ඨාශයට ව්‍යාපෘති113ක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.


    මෙම සියලුම ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තු සකස් කරමින් පවතින අතර ද රුපියල් මිලියන 1252ක ප්‍රතිපාදන මේ වන විට අනුමතවි ඇත. මෙම ව්‍යාපෘති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය වෙතින් අනුමැත ග්‍රාමීය ව්‍යාපෘතින් වෙයි.ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ අධීක්ෂණය යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මකය.


    ගම්පෙරළිය ව්‍යාපෘතිය යටතේ ගම්මාන සංවර්ධනය කිරීමට අවශ්‍ය ව්‍යාපෘති වාර්තාවන් ලබා ගෙන එම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දීම සිදු කෙරෙන අතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය සංවර්ධනය සඳහා ක්‍රියාත්මක වන ප්‍රමුඛ ව්‍යාපෘතියක් වශයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.


    මාධ්‍ය ඒකකය
    ගාල්ල

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya