අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන මැතිවරණයට මහනුවර සියලු කටයුතු සූදානම්

    පෙබරවාරි 08, 2018
    එළඹෙන 10දා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ මැතිවරණ කටයුතු සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ සියලු කටයුතු මේ වන විට සූදානම් බව මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, මහනුවර දිසාපති එච්.එම්.පී. හිටිසේකර මහතා පවසයි.
     
    මෙවර මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයන් දස ලක්ෂ අනූහත් දහස් හාරසිය හතළිස් දෙකක් ලබා සිටින බවත්, තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු ඉතා සාමකාමීව සිදු වූ බවත් මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.
     
    ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු ඡන්ද මධ්‍යස්ථාන 925 කදී සිදු කෙරෙන අතර ගණන් කිරීමේ මධ්‍යස්ථාන 368 කදී ඡන්ද ගණනය කිරීමේ කටයුතු සිදු කෙරේ.
     
    මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි භාර ගැනීමේ සහ නිකුත් කිරීමේ කටයුතු ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලයේදී සිදු කෙරෙන අතර පළාත් පාලන මැතිවරණයේ තේරීම් භාර නිලධාරී කාර්යාලය සහ ප්‍රතිඵල සැකසීමේ මධ්‍යස්ථානය පේරාදෙනිය, ගන්නෝරුවේ පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් සේවා සංස්කරණ ආයතනයේ ස්ථාපිත කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya