අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා - චීන ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘතියක් ලබන 17 දා ඇරඹේ

    නොවැම්බර් 13, 2017

    ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ චීන ශ්‍රී ලංකා පර්යේෂණ සහයෝගිතා ව්‍යාපෘතිය මගින් ඉදි කිරීමට නියමිත ජල තාක්ෂණය සඳහා වන පර්යේෂණ මධ්‍යස්ථානයේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාව  ලබන 17  වැනි දින පෙ.ව. 9.00 ට ‍පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය අසලදී සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

    ඇමරිකානු ඩොලර් මිලියන 24 ක් වැය කොට ඉදි කෙරෙන මෙම සිව් මහල් පර්යේෂණාගාරය ඉදි කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ ජල සාම්පල් පරීක්ෂා කිරීම ඇතුළු ජලයේ ගුණාත්මකබව පිළිබඳ තාක්ෂණික කටයුතු හා ඊට අදාළ පර්යේෂණ කටයුතු ඉටු කිරීමයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීමක් පරිදි චීන රජයෙන් ලබා දෙන මෙම ව්‍යාපෘතිය තුළින් වකුගඩු රෝග ව්‍යාප්තව පවතින ප්‍රදේශවල ජල සාම්පල් පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා විශේෂ කාර්යභාරයක්ද ඉටු කිරීමට අපේක්ෂිතය.

    චීන තානාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය සඳහා නගර සංවර්ධන සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් සහ උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල යන මහත්වරුන්  ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

    මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya