අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැරියක ගැබ්ගෙන ඇතැයි පාසලෙන් අස්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක්

    ඔක්තෝබර් 26, 2017
    කැකිරාව අධ්‍යාපන කලාපයේ පාසලක දැරියක් ගැබ්ගෙන ඇතැයි පවසමින් ඇය පාසලෙන් ඉවත්කිරීමට අදාළව විශේෂ පොලිස් විමර්ශනයක් පැවැත්වීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කටයුතු කරමින් සිටින බව එම අධිකාරිය සඳහන් කරයි. 
     
    මේ වන විටත් විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායමක් අදාළ ප්‍රදේශය වෙත පිටත් කර හැර තිබේ. ඔවුන් අදාළ පාර්ශවයන්ගේ ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින අතර, කඩිනමින් විමර්ශන කටයුතු අවසන් කිරීම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අපේක්ෂාවයි. 
     
    විශේෂයෙන් මෙම සිදුවීම හරහා අදාළ දියණිය අධික මානසික පීඩනයට ලක් කර, එමඟින් ඇය කෘරත්වයට ලක් කර ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අවධානය යොමු කර තිබේ. මීට අදාළව මා විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරිවරයාට අවශ්‍ය උපදෙස් ලබාදී ඇත.
     
    මෙම සිදුවීමට අදාළව 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවයට පැමිණිල්ලක් වාර්තා වී තිබුණි. විමර්ශන කටයුතු ආරම්භ වූයේ ඒ අනුවයි. 
     
    එමෙන්ම අදාළ දියණියට මනෝ උපදේශන සහනයන් ලබාදීමටද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කටයුතු කරමින් සිටී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya