අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ගෙවතු වගා එක්ලක්ෂ දහනවදාහක්

    ඔක්තෝබර් 20, 2017

    ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාම වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කය තුළ ගෙවතු එක් ලක්ෂ දහනවදාහකට ආසන්න ප්‍රමාණයක් වගා කිරීමට කටයුතු යොදා ඇති බව මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එච්.එම්.ආර් බණ්ඩාර මහතා පවසයි.

    ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාම වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කය තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.  ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකටම ගෙවතු සියය බැගින් මහනුවර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 1187 තුළ මෙම ගෙවතු ක්‍රියාත්මක කරන බවද කෘෂිකර්ම අධ්‍යක්සවරයා වැඩි දුරටත් පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදීය.

    ග්‍රාම නිලධාරී වසම්වල ක්‍රියාත්මක කරන මෙම ගෙවතු වගාවන්ට අමතරව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල විස්ස තුළත් ගොවිජන සේවා කාර්යාල 45 තුළත් ගෙවතු වගාව දියත් කිරීමට සැළසුම් කොට ඇති අතර, තවත් තෝරාගත් රාජ්‍ය ආයතන මුල් කරගෙනද අවශ්‍යතාවය අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ඔහු පෙන්වා දෙන ලදී.

    මෙම ගෙවතු වගා වැඩසටහනට අමතරව ජාතික ආහාර නිෂ්පාදන වැඩසහන යටතේ මහනුවර දිස්ත්‍රික්කය තුළ තවත් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ. එම වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කය ප්‍රධාන කලාප තුනකට බෙදා ඒ ඒ කලාප අනුව බෝග වගා කිරීමට කටයුතු යොදා තිබේ. කුරක්කන්, මඤ්ඤොක්කා, එළවළු, බතල සහ පළතුරු යන බෝග එම කලාපවල වගා කිරීමට සැළසුම් කොට ඇති අතර, ඒ ඒ කලාපවල පවතින කාලගුණික සහ දේශගුණික තත්වයන් පදනම් කරගනිමින් එම වගාවන් සිදු කෙරෙනු ඇත.
        
    ඒ අනුව ගම්පොළ, මැනික්හින්න, දොළුව, ගග ඉහළ සහ නාවලපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල හෙක්ටයාර් 150 ක මඤ්ඤොක්කා වගාවක් සිදු කිරීමට සැළසුම් කොට තිබේ. හසලක අන්තර් පළාත් බල ප්‍රෙද්ශයේ හෙක්ටයාර් 25 ක කුරක්කන් වගාවක් සිදු කිරීමට සැළසුම් කොට ඇති අතර, පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඉලක්ක කරගෙන එළවළු වගා කිරීමට නියමිතය. මෙම කලාප තුනට අමතරව දිස්ත්‍රික්කය පුරා තෝරා ගත් ප්‍රදේශවල  බතල සහ පළතුරු වගා කිරීමටත් කෘෂිකර්ම අංශය කටයුතු යොදා තිබේ.

    මෙහිදී අදහස් දැක්වූ මහනුවර කෘෂිකර්ම කමිටුවේ සභාපති සහ දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා සෑම රාජ්‍ය ආයතනයක්ම මෙම ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දිය යුතු බව පෙන්වා දෙන ලදී. විශේෂයෙන්ම කාර්යාල පරිශ්‍ර පිහිටි භූමි භාගය තුළ හිස් ඉඩම් ඇත්නම් ඒ සියල්ල ප්‍රෙයා්ජනයට ගනිමින් කුමන හෝ බෝගයක් වගා කළ යුතු බවත්, ඒ පිළිබද තමන් පුද්ගලිකව මැදිහත්ව සොයා බලන බවත් පෙන්වා දෙන ලදී.

    මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් රැසක් සහ ගොවි සංවිධාන වල නියෝජිත ගොවි මහත්වරු රැසක්ද මෙම කමිටුව සඳහා සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya