අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුරන් කුඹුරු අස්වැද්දීම - කෑගල්ල දිස්ත්‍රික් නිල උත්සවය

    ඔක්තෝබර් 13, 2017
    රජය මගින් ක්‍රියාත්මක පුරන් කුඹුරු අස්වැද්දීමේ ව්‍යාපෘතියේ කෑගල්ල දිස්ත්‍රික් නිල උත්සවය පසුගියදා පළාත් ආණ්ඩුකාරවර ජනාධිපති නීතීඥ මාර්ෂල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් රුවන්වැල්ල මොරාවත්ත වෙල්යායේ දී ආරම්භ විය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කර ඇති ජාතික ආහාර සංග්‍රාම ව්‍යාපෘතිය යටතේ මෙය ආරම්භ කර ඇත.
     
    මේ යටතේ දිවයිනේ සියලුම පුරන් කුඹුරු යලි අස්වැද්දීමට රජය සැලසුම් කර ඇත. සබරගමුව පළාතේ කුඹුරු අක්කර 57 640 පමණ වේ. ඉන් අක්කර 8850 පමණ පුරන් කුඹුරු බවට පත්ව ඇත.
     
    මෙම කුඹුරු අස්වැද්දීමේ අරමුණින් සබරගමුව පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.
     
    වර්ෂ 5 ක් පමණ  අඛණ්ඩව පුරන් වූ කුඹුරු,  නැවත අස්වැද්දීමට හැකිවන අයුරින් සකස්කිරීම සඳහා රජය මගින් අක්කරයකට රුපියල් දස දහසක මුදලක් ගොවි ප්‍රජාව වෙත ආධාර වශයෙන් ලබාදේ. මෙදින ගොවි ප්‍රජාවගේ ප්‍රයෝජනය සඳහා ගොයම් සිටුවන මැෂින් සහ වල්පැළ ගලවන යන්ත්‍ර ප්‍රදානය කිරීම ද සිදුවිය.
     
    මෙම අවස්ථාවට සබරගමුව පළාත් ආණ්ඩුකාරවර ජනාධිපති නීතීඥ මාර්ෂල් පෙරේරා, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න, පළාත් ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න, කෑගල්ල දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර, පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් සුනිල් ප්‍රේමචන්ද්‍ර, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ. ප්‍රේමසිරි කරවිට සහ අතිරේක අධ්‍යක්ෂ වෛද්‍ය කේ.එම්. දුෂ්‍යන්ති ජයවීර යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya