අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ උපදෙස් පිළිපඳින්න

    මැයි 31, 2017

    පවතින ආපදා තත්ත්වය හේතුවෙන්  වසංගත රෝග පැතිරීම වළක්වා ගැනීම සඳහා ගංවතුරෙන් පීඩාවට පත්වූ ජනතාව මෙන්ම සහන සලසන කණ්ඩායම් විසින් ද අවධානයට ගත යුතු කරුණු පිළිබඳ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය  විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පහත සඳහන් උපදෙස් පිළිපදින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    •    මෙවැනි ආපදා තත්ත්වයකදී හැකි සෑම විටකම ඇසුරුම් කළ පානීය ජල බෝතල් භාවිත කිරීම.


    •    ආහාර සකස් කරන්නන්  විසින් ආහාර පිසින ලද සැනින් ආපදාවන්ට ලක්වූවන් වෙත ලබා දීමට කටයුතු කිරීම


    •    හැකිතාක් ආපදාවට ලක්වූ ප්‍රදේශයන්හිදී (ආසන්න ප්‍රදේශයක) ආහාර පිසීම


    •    ආපදාවන්ට ලක් වූවන් විසින් පිසින ලද ආහාර ලද සැනින් ආහාරයට ගැනීම


    •    ආහාර පිසීමේදී හැකිතාක් පලා වර්ග එළවලු ආදිය සීමා කර අල පරිප්පු සම්බෝල කරවල වැනි දෑ යොදා ගැනීම


    •    ඇසුරුම් කරන ලද ආහාර( බිස්කට් වැනි)  ලබා දීමත් ආහාරයට ගැනීමත් සුදුසුය


    •    කුඩා දරුවන්ට ජලයේ ක්‍රීඩා කිරීමට ඉඩ සලසා නොදීම


    •    ළමයින්ගේ හා කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම


    •    ආපදාවන්ට ලක්වූ පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍ය පවත්වා ගැනීමට හැකි අයුරින් කටයුතු කිරීම


    •    වතුර බැස යාමෙන් අනතුරුව තම නිවෙස් කරා යාමේදී නිවෙස්වල බිත්ති අවදානම් තත්ත්වයක පැවතිය හැකි බැවින් ඒ  කෙරෙහි අවධානය යොමු කිරිම.


    •    විදුලිය ක්‍රියාත්මක  කිරීමට කටයුතු කිරීමට ප්‍රථම මේන් සිවිචය (main switch) කෙරෙහි සැලකිලිමත් වීම. අවදානම් තත්ත්වයක් දැක ගත හැකි නම් විදුලිය ක්‍රියාත්මක කිරීමට පෙර විදුලි බල මණ්ඩලයේ පාරිභෝගික සේවා අංශ දැනුම්වත් කර උපදෙස් ලබා ගැනීම


    •    කුඹුරු ආශ්‍රිතව මී උණ පැතිරයාමේ අවදානමක් පවතින බැවින් තුවාල කැපීම් සීරීම් ඇති අය තම ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කිරීම. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහාය පැතීම හා ඔවුන්ගේ සහාය  කඩිනමින් අවතැන් වූවන් කෙරෙහි යොමු කිරීම.

     

     සැකසුම- ඉරේෂා මධුරකාවිනී

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya