අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ශාක්‍ය ජනපදයේ" පළමු අදියර ජනපති අතින් විවෘත කෙරේ ....

    මැයි 13, 2017
     
    බුදුන් වහන්සේගේ උපත සිදුවූ ලූම්බිණිය ඇතුථ භාරතයේ සිද්ධස්ථාන මෙරටදී දැකබලා ගැනීමේ අවස්ථාව ජනතාවට උදාකරමින් පිළියන්දල, කහපොළ ප්‍රදේශයේ ඉදිකරන ලද ශාක්‍ය ජනපදයේ පළමු අදියර  (11) දින පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි. 
    සමරු ඵලකය නිරාවරණය කර ශාක්‍ය ජනපදයේ පළමු අදියර විවෘත කළ ජනාධිපතිතුමා එහි ප්‍රතිනිර්මානය කර තිඛෙන ලූම්බිණි සල් උයනේ සල් පැළයක් ද රෝපණය කරනු ලැබීය.
    ව්‍යාපෘතියේ ඉදිකිරීම් අධික්ෂණය කළ නේපාලයේ පුරාවිද්‍යාඥ වසන්ත බිදාරි මහතා විසින් ,අසිරිමත් ලූම්බිණිය, නම් ග්‍රන්ථය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
    පුරාවිද්‍යාඥ වසන්ත බිදාරි මහතා වෙත සහ ව්‍යාපෘතිය සදහා උපදේශකත්වය සැපයූ මහාචාර්ය නිමල් ද සිල්වා මහතා වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
    දායකත්වය දැක්වූවන් කිහිප දෙනෙකු සදහා  සමරු තිළිණ පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය. ශාක්‍ය ජනපදයේ ඉදිකර තිඛෙන ප්‍රදර්ශන කුටිය  නැරඹු ජනාධිපතිතුමා එහි පැවැත්වෙන දන්සැල ද නිරික්ෂණය කරනු ලැබීය.
    පූජ්‍ය ත්‍රීකුණාමලයේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි පූජ්‍ය ගෝණදුවේ ගුණානන්ද නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ නේපාලය, භූතානය, චීනය, සිංගප්පූරුව ආදි රටවලින් වැඩම කර සිටී මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන්වන විජයදාස රාජපක්ෂ, පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, කැස්බෑව ආසන සංවිධායක නිරෝෂන් පාදුක්කේ, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ, ආසියා ආලෝක පදනමේ සභාපති නවීන් ගුණරත්න යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya