විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් අනුව ඉතා කෙටි කාලයකදී යාල් දේවී උතුරු ගමන නැවත ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.
කීලෝමීටර 68ක් වන මෙම මහව - අනුරාධපුර දුම්රිය මාර්ගය වසර 119 කට පසු (වර්ෂ 1905 න් පසු) මෙවර සම්පූර්ණ අලුත්වැඩියාවකට ලක් කෙරිණි.
මහව - අනුරාධපුරය අතර වූ මාර්ගයේ පාලම් 12 ක් අඩි 40 කට අඩු දිග ප්‍රමාණයේ පාලම් 25 ක් හා බෝක්කු 26 ක්ද මෙම ව්‍යාපෘතිය යටතේ නවීකරණය කර තිබේ.
කීලෝමිටර 128ක් දිගැති මහව - ඕමන්ත සම්පූර්ණ දුම්රිය මාර්ග නවීකරණ ව්‍යාපෘතියේ අනුරාධපුර සිට ඕමන්ත දක්වා වූ මාර්ගය මේ වනවිට අවසන් කර තිබේ.
නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් ඉදිකළ මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 91කි.
2024 ජනවාරි මස 07 වන දා ආරම්භ කරන ලද මෙම නවීකරණ කටයුතු ඉන්දීය රජයේ ණය ආධාර මත ප්‍රවාහන භා මහාමාර්ග අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලැබීය.