ඔක්තෝබර් 31, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍යවරියගේ දීපාවලි දින පණිවිඩය

    ඔක්තෝබර් 31, 2024

    අග්රාමාත්යවරියගේ දීපාවලි දින පණිවිඩය

    ක්‍රිෂ්ණ දෙවියන් විසින් නරගාසුරන් නැමැති යක්ෂයා යටත් කර ගැනීම උත්කර්ෂවත් ලෙස සැමරීමට හින්දු බැතිමතුන් දීපාවලි දිනය සමරති.

    ශ්‍රී ලාංකීය හින්දු බැතිමතුන් තම නිවෙස්වල පහන් දල්වා මෙම උත්සවය සමරන්නේ අඳුර පහව ගොස් ආලෝකය උදාවේවා යැයි ප්‍රාර්ථනා කරමිනි.

    මෙම උත්සවයේ ආලෝකය අපගේ නිවෙස් ආලෝකමත් කරනවා පමණක් නොව අපගේ හදවත් තුළ යුක්තිය, දයාව සහ සහයෝගීතාවය පිළිබඳ ගැඹුරු හැඟීමක් දල්වනු ලබයි. අඳුර පරදවා ආලෝකයේ ජයග්‍රහණය සමරන මෙම දීපාවලි දිනයේදී සමාජීය අසමානතාවයන්ට, අයුක්තියට සහ බැහැර කිරීමට එරෙහිව අඛණ්ඩ අරගලයන්හි නිරත වන සියලන්ටම අපේ ගෞරවය හිමිවිය යුතුය.

    සෑම කෙනෙකුටම නිදහස, ගෞරවය සහ අයිතිවාසිකම අත්විඳිය හැකි ලෝකයක් ගොඩනැගීමට අප නැවත නැවතත් කැපවී ක්‍රියා කරන බව අවධාරණය කරමු.

    ‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ යන අපගේ ප්‍රතිපත්තිය තුළින් අපේක්ෂා කරන පරිදි අපගේ සාමූහික ඉලක්කය වන්නේ කිසිවෙකු අත් නොහැරෙන බව සහතික කරමින් සියලු දෙනාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමයි.

    මෙම දීපාවලි දිනයේ එය සමරන සෑම අයෙකුගේම ජීවිතයට ආලෝකය, ප්‍රීතිය සහ නවතාවයන් ගෙන එනු ඇත. අද දීපාවලි උත්සවය සමරන ඔබ සැමට ඉතා ප්‍රීතිමත්, අර්ථවත් සහ සාමකාමී දීපාවලි උත්සවයක් වේවායි ප්‍රාර්ථනා කරමු..!

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya