නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය ලේකම් කළුතර හල්තොට ප්‍රාදේශීය රෝහලේ විශේෂ නිරික්ෂණයක

    ජූලි 25, 2024

    මෙරට පළාත් සභා සහ මධ්‍යම රජය යටතේ පාලනය වන රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව සහ ඉහළ පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මුලික අරමුණ කර ගනිමින් දිස්ත්‍රික්ක මට්ටමින් එම රෝහල් වල පවතින අඩුපාඩු සොයා බලමින් එයට කඩිනම් විසදුම් ලබාදීම සහ රෝහල් තුළින් ලබාදෙන ප්‍රතිකාර සේවාවන් හි වත්මන් තත්ත්වය අධ්‍යයනය කරමින් මෙරට ජනතාවට ගුණාත්මක විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ අදහසකට අනුව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.

    ඒ අනුව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අද (25) කළුතර හල්තොට ප්‍රාදේශීය රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    මෙහිදී හල්තොට ප්‍රාදේශීය රෝහලේ ක්‍රියාත්මක දියවැඩියාව සහ අධිරුධිර පීඩනය මුලික කළමනාකරණ වැඩසටහනේ (Protocall Base Management of Diabetic and Hypertension) ප්‍රගතිය විමසා බැලීමට ද කටයුතු කර ඇත.
    දියවැඩියාව සහ අධිරුධිර පීඩනය සහිත රෝගීන්ට විශේෂිත වූ සැළසුමකට සහ ක්‍රමවේදයකට ඖෂධ ලබාදීම අරමුණු කරගෙන මෙම වැඩසටහන 2022 වසරේ හල්තොට ප්‍රාදේශීය රෝහල, ගෝණදූව ප්‍රාදේශීය රෝහල සහ බණ්ඩාරගම දිස්ත්‍රික් රෝහල් කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කර ඇත.

    අද වනවිට කළුතර දිස්ත්‍රික්කයේ සියළු ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් රෝහල් කේන්ද්‍ර කරගෙන ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආයතන තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර,‍ නුවර දිස්ත්‍රික්කයේ ප්‍රථමික සෞඛ්‍ය සේවා ආයතන 10 ක මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක‌ වේ.

    මෙම රෝහල් නිරික්ෂණයේ දී රෝහලෙන් ලබාදෙනු ලබන ප්‍රතිකාර සේවාවන් හි වත්මන් තත්ත්වය පිළිබදව ද සෞඛ්‍ය ලේකම්වරයා අවධානය යොමු කරන ලද අතර, රෝහලේ ඉදිරි සවංර්ධන වැඩසටහන් පිළිබදව ද අවධානය යොමු කරන ලදි. රෝහලේ පවතින අඩුපාඩු හදුනාගෙන වඩා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට අවශ්‍ය උපදෙස් රෝහල් පාලනාධිකාරිය වෙත ‌ලබාදීමට ද කටයුතු කෙරෙණි.
    සෞඛ්‍ය අමාත්‍යංශයේ ලෙක්ම්වරයෙක් හල්තොට ප්‍රාදේශීය රෝහලේ සිදු කළ පළමු නිරීක්ෂණ චාරිකාව මෙය වේ.

    මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන්, කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල, හල්තොට ප්‍රාදේශීය රෝහලේ කාර්යභාර වෛද්‍ය නිලධාරී ඩේමියන් සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya