නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රියදුරු බලපත්‍ර සඳහා අසාදු ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක්

    ජූලි 24, 2024

    රියදුරු බලපත්‍ර සඳහා අසාදු ලකුණු ලබා දීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට ටෙන්ඩර් නිකුත් කර මුලික ඇගයීම් කටයුතු පවත්වාගෙන යමින් තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ද මහතා ප්‍රකාශ කරයි.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉදිරි වැඩපිළිවෙළ සහ වර්තමාන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    ලොව අනිකුත් රටවල අනුගමනය කරන ක්‍රමවේදයකට අනුව අසාදු ලකුණු ලබා දීමේ ක්‍රමවේදය මඟින් රථ වාහන අනතුරු අවම කර ගැනීමත්, මහාමාර්ගය තුළ රියදුරන්ගේ විනයක් ඇති කිරීම බලාපොරොත්තු වෙන බවත්, මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ සියලු කාර්යයන් මේ වන විට අවසන් කර තිබෙන බවත් හෙතෙම පැවසිය.

    මාර්ග රිය අනතුරු සැළකිල්ලට ගැනීමේ දී 75% කට වැඩි ප්‍රමාණයක් රියදුරන්ගේ සහ පදිකයින්ගේ තිබෙන නොසැලකිලිමත්කම හේතුවෙන් බව අවධාරණය කළ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා ඉදිරි මාස තුන ඇතුළත අසාදු ලකුණු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද අවධාරණය කළේය.

    මෙමඟින් මහාමාර්ගයේ සිදු වන වරදකට අදාළව පොලිස් නිලධාරීන් විසින් දඩ පත්‍රිකාවක් නිකුත් වන සෑම පුද්ගලයෙකුටම එම වරදට අදාළව වරදේ ස්වභාවය අනුව රියදුරු බලපත්‍රයට අසාදු ලකුණු එකතු කිරීම සිදු වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya