පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සදහා කාලය වෙන් කර තිබේ.
අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා පාර්ලිමේන්තු මන්ත්රී මධුර විතානගේ විසින් ගෙනෙනු ලබන “කෘතිම බුද්ධිය භාවිත කිරීමේ තාක්ෂණය මගින් ජාතික ආරක්ෂාව, සියලු ආගම් සහ රටේ සංස්කෘතිය කෙරෙහි ඇති කරන බලපෑම” පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.