නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර කොඩිප්පිලිකන්ද විද්‍යාලයට නව සුහුරු පුවරුවක්

    ජූලි 24, 2024

    රත්නපුර කලවාන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කොඩිප්පිලිකන්ද විද්‍යාලයට නව සුහුරු පුවරුවක් සිසු අයිතියට පත් කිරීම පළාත් සභා පළාත් පාලන පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (22) සිදු කෙරිණි.

    රටේ අනාගතය දරුවන් බවද ඔවුන්ට නිසි අධ්‍යාපනයක් නොලැබුනොත් රටේ අනාගතය අඳුරු විය හැකි බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා එම නිසා මෙරට දරුවන් වෙනුවෙන් රජය විශාල වැඩ කොටසක් කරන බව ද පැවසීය.

    අද මෙම පාසලට ලබාදුන් මෙම සුහුරු පුවරුවත් එහි ප්‍රතිඵලයක් බව පැවසූ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ගිය වසරෙහි අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් එක් පළාතකට ලක්ෂ 5600 බැගින් පළාත් 9 ප්‍රතිපාදන ලබා දුන් බව සිහිපත් කළේය. මෙම වසරේද පාසල් දියුණු කිරිම සදහා සෑම පළාතකටම ප්‍රතිපාදන ලබාදී ඇතැයිද සඳහන් කළේය.

    අඩු පහසුකම් මත අධ්‍යාපනය ලබන මෙම පාසලේ දරුවන් වෙනුවෙන් අංග සම්පුර්ණ නව ගොඩනැගිල්ලක් සහ පරිගණක 20ක් ලබාදිමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කොට ඇති බව සතුටින් ප්‍රකාශ කිරීමට කැමති බවද පැවසුවේය. ඒ සදහා වැය කරන මුදල ලක්ෂ 200ක් වන අතර එම කටයුත්ත මෙම වසෙර් දෙසැම්බර් වන විට නිම කිරිමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

    මේ අවස්ථාවට කලවාන ප්‍රදේශීය සභාවේ හිටපු සභාපතිතුමන් ,උප සභාපතිතුමන් ඇතුළු මන්ත්‍රී වරුන් , ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කළමනාකාරතුමන් ,කලවාන ප්‍රදේශීය ලේකම්තුමන්,කලවාන කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya