නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍යවේදින්ට තර්ජනය කිරීම තරයේ හෙළා දකිනවා - අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා

    ජූලි 23, 2024

    කුමන දේශපාලන පක්ෂයකට අයිති වුවත් මාධ්‍ය කරුවන්ට තර්ජනය කිරීම තරයේ හෙළා දකින බව ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අද(23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාට එල්ල කළ මරණ තර්ජනයක් හේතුවෙන්  ඒ මහතාගේ ජීවිත ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.කුමන දේශපාලන පක්ෂයකට අයිති වුවත් , කුමන මතයක් දැරුවත් ඒ පිළිබඳ දරා ගැනීමේ ශක්තියක් දේශපාලක්ඥයින්ට තිබෙන බවත් එහෙත් ජනතා විමුක්ති පෙරමුණට එසේ නොවන බවද අමාත්‍යවරයා පැවසීය.

    ඉදිරියේදී  ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට සූදානම් බවත් ඒ සඳහා සියලු දෙනා එක්ව කටයුතු කලයුතු බවද අමාත්‍යවරයා පැවසීය.

    යම් කිසි මාධ්‍ය කරුවෙකුට මෙලෙස  තර්ජනයක් එල්ල වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස්  පැමිණිල්ලක් ඉදිරිපත් කර ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya