නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් විදේශ විනිමය උපයන ආදායම් මාර්ගවලට යොමුවිය යුතුයි - අගමැති

    ජූලි 23, 2024

    ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් විදේශ විනිමය උපයන ආදායම් මාර්ගවලට රජයේ වැඩි අවධානයක් යොමු කර තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

    අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ නාවින්න පොදු ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

    පසුගිය කාලයේ ප්‍රදේශයේ අපද්‍රව්‍ය ඉවතලන ස්ථානයක් බවට පත්ව තිබූ මෙම භූමිය ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත ක්‍රීඩා පිටියක් බවට පත්කෙරුණේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මග පෙන්වීම යටතේයි.

    මහරගම විද්‍යාකර විද්‍යාලය, ජනාධිපති විද්‍යාලය, බුවනෙකබා විද්‍යාලය, මහරගම මධ්‍ය මහා විද්‍යාලය සහ ප්‍රදේශයේ යෞවන සමාජ, ක්‍රීඩා සමාජ ඇතුළු බොහෝ පිරිසක් ක්‍රීඩා කුසලතා ඔප් නංවා ගැනීම සඳහා මෙම ක්‍රීඩාපිටිය භාවිතා කළ ද ක්‍රීඩාංගණයට ප්‍රේක්ෂකාගාරයක් නොවීම මහත් අඩුපාඩුවක් විය.

    ක්‍රීඩාංගණයේ පැවැති එම අඩුපාඩුව සපුරාලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස අග්‍රාමාත්‍යවරයාටත්, යදාමිණි ගුණවර්ධන මහතාටත් හිමි ප්‍රතිපාදන යොදවා පේක්ෂකාගාරය ඉදිකිරීම ඇරඹූ බවද මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

    අද ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක් බවට පරිවර්තනය වී ඇති සුගතදාස  ක්‍රීඩාංගණය ද කලක් මෙවැනිම අපද්‍රව්‍ය ඉවත ලූ ස්ථානයක් බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පියවරෙන් පියවර නිසි සැලසුමකට අනුව සුගතදාස ක්‍රීඩාංගණය සකස් කළ ආකාරයට නාවින්න පොදු ක්‍රීඩාංගණය ද මහරගම ප්‍රදේශවාසීන්ගේ ක්‍රීඩා කෞශල්‍ය ඔප් නංවන භූමියක් බවට පත් කරන බවයි.

    ශ්‍රී ලංකා නාමය ලොවට ගෙනයන අනාගත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කුසලතා ඔප් නංවන භූමියක් බවට නාවින්න පොදු ක්‍රීඩාංගණය නිසැකයෙන්ම පත්වනු ඇතැයි ද හෙතෙම පැවසීය.

    අනතුරුව තලවතුගොඩ බහුවිධ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ අග්‍රාමාත්‍යවරයා අඩු වියදමින් වැඩි නිෂ්පාදනයක් කළ හැකි කෘෂිකාර්මික භාණ්ඩ විවිධත්වයකට පරිවර්තනය කර  අපනයනය කිරීම හරහා විදේශ විනිමය ඉපයීමේ වැඩපිළිවෙළ කෙරෙහි රජය වැඩි අවධානයක් යොමු කරන බව පැවසුවේය.  

    බහුවිධ කාර්ය මධ්‍යස්ථානය ඉදිවීම හා විදේශ විනිමය ඉපයීමේ වැඩපිළිවෙළ අදියරෙන් අදියර සාර්ථකත්වයට පැමිණීමත් සමඟ නුදුරේදීම, තලවතුගොඩ නොනිදන නගරයක් බවට පත්වනු ඇතැයි විශ්වාස කරන බවද ඒ මහතා අවධාරණය කළේය.  

    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, මහරගම ප්‍රාදේශීය ලේකම්, මහරගම නාගරික ලේකම් ඇතුළු රාජ්‍ය  නිලධාරීහු සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya