පොදු ව්‍යාපාර කාරක සභාවේ සහ ගිණුම් කාරක සභාවේ වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවේ සහ ගිණුම් කාරක සභාවේ දෙනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සෘජු ලෙස පාර්ලිමේන්තුවට නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි ආයතන වෙත යවන්න බලය තිබෙනවා. 2007 වසරේ මා ඉදිරිපත් කළ කෝප් වාර්තා දෙකේ වංචනික ගනුදෙනු 16ක් සම්බන්ධව පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කර ඒ පිළිබඳ විමර්ෂණ ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට යැව්වා. තවත් ආයතන 10ක හෝ 11ක කටයුතු පිළිබඳ විමර්ෂණ ආරම්භ කිරීමට පොලිස්පතිවරයා වෙත යැව්වා.
මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන කැඳවා එම ආයතනවලට උපදෙස් ලබා දිය යුතුයි.