මෙම වැඩසටහන ජූලි 30 උදේ 9.00 සිට සවස 4.00 දක්වා නුගේගොඩ දෙල්කඳ ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.
රෙදි සෝදන සබන්, ටයිල් ක්ලීනර් හා දියර සේදුම්කාරක නිෂ්පාදනය පිලිබඳ සියලු කරුණු අඩංගු ප්‍රායෝගික පුහුණුවක් ලබා දීම මෙම වැඩසටහන මඟින් සිදු කරන අතර ලේබල් කිරීම, අච්චු හා මැශින් ලබා ගැනීම, අළෙවිකරණය හා තත්ව පරීක්ෂාව පිලිබඳ තොරතුරු ද ලබා දීම සිදු කෙරේ.
මේ සඳහා ලියාපදිංචි වීමට හා වැඩිදුර විස්තර සතියේ දිනවල දී 011 2815009 / 071 3532596 (නුවන්) දුරකතන අංකය වලට ඇමතුමක් ලබා දීමෙන් ලබා ගත හැක.
රට තුළ කර්මාන්ත බිහි කිරීම තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මඟින් මේ වන විට වැඩසටන් විශාල ප්‍රමාණයක් ආරම්භ කිරීමට කටයුතු කර ඇත.