මෙහි දී රුපියල් කෝටි හතළිහක් වැයකර හැටන් දුම්රිය ස්ථානය තුළ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකර ඇති තෙමහල් ගොඩනැගිල්ල ඇමතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.
දැනට කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා මෙම ගොඩනැගිල්ලේ පළමු මහල දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු වලට සුදුසු ආකාරයට සකසා ප්‍රයෝජනයට ගැනීමට අමාත්‍යවරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ අතර ඉහළ මහල් වල පෞද්ගලික අංශය සමග එක්වී සංවර්ධනය කර දුම්රිය දෙපාර්තමේන්තුවටද ආදායමක් ලැබෙන සේ ප්‍රයෝජනයට ගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙස දැන්වීය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන් මහතා හා දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් පිරිසක් එක්විය.