නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඓතිහාසික සීතාවක කෞතුකාගාරය ජනගත කෙරේ

    ජූලි 22, 2024

    ඓතිහාසික සීතාවක උරුමයන් මතු පරපුරට දායාද කිරීම සඳහා සීතාවක කෞතුකාගාරය ජනගත කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (21) සවස ජනගත කෙරුණි.

    අග්‍රාමාත්‍ය කාර්යාලයේ මෙහෙයවීමෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා දුම්රිය සේවය සහ දීර්ඝ කාලයක් ක්‍රියාකාරී සංවිධානයක් වන සීතාවක උරුමය පදනම ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන, ස්වේච්ඡා සංවිධාන මෙම කාර්යය වෙනුවෙන් විශාල දායකත්වයන් ලබා දී ඇත.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහත්වරුන් ඒකාබද්ධව ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් අනතුරුව අවිස්සාවේල්ල නගරයට යාබද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු භූමිභාගයක පිහිටි ඉපැරණි ගොඩනැඟිල්ලක් නවීකරණය කොට එම ගොඩනැඟිල්ල මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත පවරා ගැනීමෙන් අනතුරුව මෙම කෞතුකාගාරය ඉදිකර ඇත. 

    මෙම සියලු කාර්යයන් සඳහා රුපියල් මිලියන 17ක මුදලක් වෙන්කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya