නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2024 මුල් මාස හය තුළ ලබා ගත් ණය ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 129ක ණය ගෙවා දැමීමට රජය සමත් වෙලා - මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

    ජූලි 21, 2024

    2024 වසරේ පළමු මාස හය තුළ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් මගින් ලබා ගත් ණය ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 129ක ණය මුදලක් රජය ගෙවා දැමීමට සමත්ව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. 

    එම කාලය තුළ රජය බැඳුම්කර සහ භාණ්ඩාගාර බිලපත් මගින් ලබා ගත් සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 4852කි. 

    එම කාලය තුළ ගෙවා දමා ඇති ණය ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 4981ක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.  

    සියලු පාර්ශ්ව විමසා සිටින්නේ ණය ලබා ගැනීම පිළිබඳ සංඛ්‍යා ලේඛන පමණක් වුවත් ණය ගෙවා දැමීම ද රජය නිසි පරිදි සිදු කරමින් පවතින බව සේමසිංහ මහතා අවධාරණය කලේය.

    ආර්ථික අර්බුදයට පෙර අවශ්‍ය පරිදි මහ බැංකුව මගින් මුදල් මුද්‍රණය කර ගැනීමේ පහසුකම රජයට පැවති අතර 70% තරම් ඉහළ උද්ධමන අගයක් කර රට ගමන් කිරීම එහි ප්‍රතිඵලයක් බව අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී. 

    එහෙත් නව මහ බැංකු පනත සම්මත කරමින් ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම හේතුවෙන් රජය ද සාමාන්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යන ආකාරයට ණය ගැනීම සහ ණය ගෙවීම සිදු කළ යුතු බවට හෙතෙම පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya