ඒ අනුව හෙක්ටයාර් එකකට මුං බීජ කිලෝග්‍රෑම් 25ක් බැගින් ගොවීන්ට නොමිලයේ ලබා දෙන අතර ඒ සඳහා එක් ගොවියෙකුට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් රුපියල් 25,000ක මුදලක් වැය කිරීමට නියමිතය.
මෙවර අතරමැදි කන්නයේ දී අක්කර 63,750ක මුං ඇට වගා කිරීමට සැළසුම් කර ඇති අතර ඒ අනුව වාරිමාර්ග යටතේ අක්කර 40,000ක්, මහවැලි යටතේ අක්කර 16,250ක් සහ අන්තර් පළාත් යටතේ අක්කර 7,500ක මුං ඇට වගා කිරීම සිදුවේ.
එමෙන්ම මෙරට වාර්ෂික මුං ඇට අවශ්‍යතාවයෙන් මෙට්‍රික් ටොන් 15,000ක් පමණ අප රටේ නිපදවා ගනු ලැබු අතර මෙට්‍රික් ටොන් 5000ක් පමණ ආනයනය කරනු ලැබීය.
දැනට අප රටේ වාර්ෂික මුං ඇට අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 20,000කි. මෙම අතරමැදි කන්නයේ මුං ඇට වගා කිරීම මගින් මෙම වර්ෂයේ දීම මෙරට මුං ඇටවලින් ස්වයංපෝෂිත තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එමෙන්ම ඉපනැල්ලේ මුං ඇට වගාව මෙවර අතරමැදි කන්නයේ දී ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ගොවි බාරකාර අරමුදල මගින් ලබා දෙන ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතාට උපදෙස් දි ඇත.
තවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇති පරිදි මෙරට මුං ඇට වගාව සඳහා වැඩිම විභවයක් සහිත දිස්ත්‍රික්ක වනුයේ හම්බන්තොට, මොනරාගල හා අම්පාර දිස්ත්‍රික්කයි. අනෙකුත් දිස්ත්‍රික්කවල ද මුං ඇට වගා කළ හැකි නමුත් ඉපනැල්ලේ මුං ඇට වගාවට ඉතාමත් යෝග්‍ය වන්නේ ඉහත සඳහන් කළ දිස්ත්‍රික්ක බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.