වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතියට භාවිතා කළ නව තාක්‍ෂණික අත්දැකීම් විඳ ගැනීමට මහජනතාවට අවස්ථාවක් සැලසීමට කටයුතු සලසා ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
අමත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පසුගිය (18) දා සිදු කළ ඉදිවෙමින් පවතින වරාය පිවිසුම් අධිවේගී මාර්ගය නිරීක්ෂණ චාරිකාවට එක්වෙමිනි.
ඒ අනුව, වරාය ව්‍යාපෘතියේ නව තාක්ෂණය, මුහුණ දුන් අභියෝග සහ ව්‍යාපෘතිය නියම කිරීමට ගත් ක්‍රියාමාර්ග ඇතුළු ව්‍යාපෘතියේ අත්දැකීම මේ රටේ පාසල් සිසුන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, වෘත්තියවේදීන් හා මහජනතාව දැනුවත් කිරීම සඳහා වූ වැඩමුළුවක් මේ මස 24 වන දිනය පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ.
2019 වර්ෂයේ සැප්තැම්බර් මස 27 වන දින ආරම්භ කරන ලද මෙම වරාය පිවිසුම් අධිවේගී මාර්ගය දිග කිලෝමීටර් 5.3 ක් වන අතර එක් පසෙකට මං තීරු දෙකක බැගින් සාදා ඇති අතර මෙම වසරේ ඔක්තෝබර් මස වන විට මහජන අයිතියට පැවරීමට නියමිතව ඇත.
මෙම අධිවේගී මාර්ගය නිමවීමෙන් පසු කොළඹ වරායේ සිට හෝ ගාලු මෝදර සිට අධිවේගී මාර්ග ඔස්සේ රටේ ඕනෑම තැනකට මාර්ග තදබදයකින් තොරව ගමන් කළ හැකිය. එමෙන්ම කොළඹ වරායට වෙනම අන්තර් හුවමාරුවක් යොදා ඇති බැවින් කොළඹ වරායේ කන්ටේනර් ප්‍රවාහනය ද ඉතා පහසු වනු ඇත. මෙම අධිවේගී මාර්ගය ඉඟුරු කඩේ හන්දියේ සිට ගාලු මුවදොර දක්වා ඉදිවේ.
ව්‍යාපෘතියේ ප්‍රධාන කොන්ත්‍රාකරු වශයෙන් චීන සිවිල් ඉංජිනියරින් කන්ට්‍රක්ෂන් කෝපරේෂන් ආයතනය කටයුතු කරනු ලබයි. එසේම මෙම තාක්ෂණය ශ්‍රී ලංකාවේ පළමුවරට භාවිතා කරන අතර මෙම ව්‍යාපෘතිය ඔස්සේ ඉතා විශාල ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණයකට මේ වන විට රැකියා අවස්ථා සැලසී තිබේ. මෙහි ශ්‍රම දායකත්වයෙන් 70% ක් පමණ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වීම මඟින් නව තාක්ෂණය ශ්‍රී ලංකාවට සම්ප්‍රෙක්ෂණය වීම ද සිදුව ඇත.
අනෙක් සියලුම ප්‍රධාන ව්‍යාපෘති රටේ ආර්ථික අවපාතය හමුවේ නතර වී ඇති අතර මෙම ව්‍යාපෘතිය පමණක් කොවිඩ් - 19 සහ ආර්ථික අර්බුද හමුවේ ඉදිරියට ගමන් කර තිබේ.