නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් කටයුතු සඳහා ඉදිකිරීම් අරඹයි

    ජූලි 20, 2024

    වත්මන් රජයේ තීරණයකට අනුව ශ්‍රි ලංකාවේ ඉපැරණි ගුවන්තොටුපලක් වන හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා නවීකරණය කිරීමට අවශ්‍ය ඉදිකිරීම් කටයුතු 2024.07.19 (ඊයේ) දින වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ආරම්භ කරන ලදී .

    මෙම ගුවන්තොටුපල දෙවන ලෝක යුධ සමයේ එංගලන්තයේ රාජකීය ගුවන් හමුදාව වෙනුවෙන් ඉදි කරන ලද අතර එකල මින්නේරිය ගුවන් හමුදා මධ්‍යස්ථානය  ( RAF Minneriya ) ලෙස හඳුන්වා ඇත.

    රට මධ්‍යයේ පිහිටා ඇති මෙම ගුවන්තොටුපල මඟින් රටේ ආර්ථිකයට ශක්තියක් ලබා ගැනීමේ පරමාර්ථයෙන් යුතුව ජාත්‍යන්තර ගුවන් තොටුපලක් බවට පරිවර්තනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වත්මන් රජය විසින් තීරණය කරන ලදී. ඒ අනුව 2024 අයවැයෙන් මෙහි මුලික ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට රුපියල් බිලියන 02 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලදී. මෙම මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කරමින් ප්‍රථම අදියර යටතේ දැනට තිබෙන මීටර් 2287 ක දිගින් සහ මීටර් 46 ක පලලින් යුතු ධාවන පථය මීටර් 2500 ක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරනු ලබයි.

    මෙම සැලසුම් සහගත ධාවන පථයේ සංවර්ධන කටයුතු මාස 06 ක් තුල  නිම කිරීමට නියමිතව ඇති  අතර, ඉන් අනතුරුව එයාර් බස් 320, ‍බෝයිං B737 යන මාදිලි වල ගුවන් යානා මෙහෙයුම් කටයුතු  සිදු කිරීමට හැකි වේ. මෙම සමස්ථ සංවර්ධන කටයතු සඳහා රුපියල් බිලියන 17 ක්  පමණ වැය වන බවත්, සියලු ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරනු ලබන අතර, අධීක්ෂණ කටයුතු ගුවන් තොටුපල හා ගුවන්සේවා සමාගම විසින් සිදු කරන බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය අවධාරණය කරයි.

    මෙම ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති ජී.එස්. විතානගේ ගුවන්තොටුපල සහ ගුවන්සේවා සමාගමේ සභාපති අතුල ගල්කැටිය, සිවිල් ගුවන්සේවා අධිකාරි‍යේ අධ්‍යක්‍ෂ ජනරාල් එයාර් වයිස් මාෂල් සාගර කොටකදෙණිය යන මහත්වරුන් ඇතුළු නිලධාරීන්  පිරිසක් සහභාගි විය. 

    මෙම ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව පැවති උත්සවයේ දී   අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කරුණු දක්වමින් කියාසිටියේ: මෙම ගුවන් තොටුපල නවීකරණය තුලින් ඉදිරියේදී  බලාපොරොත්තු වන්නේ ජාත්‍යන්තර ගුවන් තොටුපලක්  බවට පරිවර්තනය කිරීම බවයි. මෙම ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා රජය විසින්  2023 වසරේ අයවැයෙන් රුපියල් බිලියන 02 ක් ලබා දී තිබෙන බවත්,ඒ අනුව ඉදිරි සෑම වසරකම හිඟුරක්ගොඩ ගුවන් තොටුපලේ ඉදිකිරීම් සඳහා අයවැයෙන් මුදල් ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය. තවදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ : අපේ අවසාන ඉලක්කය වී තිබෙන්නේ මත්තල ,කටුනායක ,රත්මලාන සහ පලාලි ගුවන් තොටුපලවල් මෙන්ම හිඟුරක්ගොඩ  ගුවන් තොටුපලත් සිවිල් ගුවන් තොටුපලක් ලෙස ක්‍රියාත්මක කිරීම බවයි. එබැවින් මෙම සංවර්ධන ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහය එක ලෙස ලබා දෙන මෙන් ඉල්ලා සිටියේය .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya