නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ විවාදය ලබන 25 වැනිදා

    ජූලි 19, 2024
    රාජ්ය මූල්ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ විවාදය ලබන 25 වැනිදා පැවැත්වී‌මට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (18) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

     මේ අනුව පාර්ලිමේන්තුව ලබන 23 සිට 26 දක්වා රැස්වන අතර ජූලි 23 වැනි අඟහරුවාදා පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා කාලය වෙන් කර ඇත. අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා සිවිල් නඩුවිධාන සංග්රහය (සංශෝධන) (දෙවැනිවර කියවීම) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග ද්විත්වයක් විවාදයට ගැනීමට නියමිතය. අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

    ජූලි 24 වැනි බදාදා පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සදහා කාලය වෙන් කර ඇත අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.30 දක්වා පාර්ලිමේන්තු මන්ත්රී මධුර විතානගේ මහතා විසින් ගෙනෙනු ලබන “ කෘතිම බුද්ධිය භාවිත කිරීමේ තාක්ෂණය ( AI Technology) මගින් ජාතික ආරක්ෂාව, සියලු ආගම් සහ රටේ සංස්කෘතිය කෙරෙහි ඇති කරන බලපෑම” පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇත.
    ජූලි 25 වැනි බ්රහස්පතින්දා පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා රාජ්ය මූල්ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තිරණය වී තිබේ. මේ අනුව අදාළ විවාදය සදහා වැඩි කාලයක් ලබා දීමේ අරමුණින් ඒදින වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සහ සභාව කල්තබන අවස්ථාවේ ප්රශ්න සළකා නොබැලීමටත් මෙහිදී ඒකඟත්වය පළ වී ඇත.
    ජූලි 26 සිකුරාදා සම්පූර්ණ දිනය අභාවප්රාප්ත හිටපු මන්ත්රීවරයන් සදහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සදහා වෙන් කර තිබේ. මේ අනුව අභාවප්රාප්ත හිටපු මන්ත්රීවරයන් වන ඒ.ඒච්.ඒම් අලවි, ඒම්.ඒන් අබ්දුල් මජීඩ්, ගරු පාලිත තෙවරප්පෙරුම සහ මිල්රෝයි ප්රනාන්දු යන මහත්වරුන් සදහා ශෝක යෝජනා පළ කිරීමට එදින පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා කාලය වෙන් කිරීමට ද මෙහිදී තීරණය වූ බව මහ ලේකම්වරිය වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya