නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුහුණු විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨය ජනතා අයිතියට

    ජූලි 19, 2024

    රුහුණු විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ "Faculty of Allied Health Science (FAHS) නව ගොඩනැගිලි සංකීර්ණය නිල වශයෙන් විවෘත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහභාගිත්වයෙන් අද (19) පෙරවරුවේ සිදු කෙරිනි.

    ගාල්ල වලහන්දුව ප්‍රදේශයේ මෙම නව ගොඩනැගිලි සංකීර්ණය ඉතා අලංකාරවත් අන්දමින් ඉදිකර ඇත. මෙරට ආර්ථික හා සෞඛ්‍ය ප්‍රතිපත්තිවලට අධ්‍යාපනික වැඩසටහන් පෙළගැස්වීම තුළින් තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා හොඳ තත්ත්වයේ තාක්ෂණික වශයෙන් දක්‍ෂ සෞඛ්‍ය වෘත්තිකයන් රටට බිහි කිරීම සහ සම සෞඛ්‍ය විද්‍යාවන්හි උසස් අධ්‍යාපනය හදාරන සැමට අධ්‍යාපනික අවස්ථා ලබාදීමේ ප්‍රමුඛ අරමුණ මෙම රුහුණු විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත වීමත් සමග සපථ වනු ඇත.

    මෙම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ මෙම සම සෞඛ්‍ය විද්‍යා පීඨය ස්ථාපිත කිරිම සදහා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මුල් තැන ගත් බවයි. මෙම පීඨය තුලින් උපරිම ප්‍රයෝජනය ලබා ගත යුතු බවත්, පැය 24 පුරා අධ්‍යයන කටයුතු සිදු කළ යුතු බව ද පැවසීය.

    මෙහිදි අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ  “රජය විසින් 2020 වසරේ මුදල් ප්‍රතිපාදන වෙන් කරමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බවයි. ව්‍යාපෘති රැසක් 2022 වසරේ ආර්ථික අර්බුදය සමග මන්දගාමී වු බවත්, එවැනි කාල වකවානුවක මෙම ව්‍යාපෘතිය යථාවත් කීරීමට කටයුතු කළ බවත්, ජනාධිපතිතුමාගේ නව ආර්ථික ප්‍රතිපත්තිය යටතේ මෙම ව්‍යාපෘතිය යථාවත් කර ගැනීමට හැකියාව ලැබුන බව ද පැවසීය.

    ගාල්ල ප්‍රදේශය මුලික කරගෙන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක බවත් අද දින රුපියල් කෝටි 150 වියදමින් මෙම ව්‍යාපෘතියත්, එවැනිම මුදලක් වැය කරමින් ගාල්ල බෙලිගහ නව උසාවි සංකීර්ණයත් ජනතා අයිතියට පත්වන බව ද, පැවසීය.’’
    සම සෞඛ්‍ය විද්‍යා පීඨය ප්‍රථම වරට මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළට ආගමනය වන්නේ 2007 වර්ෂයේදීය. එහිදී එය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුබද්ධිතව සෞඛ්‍ය අමත්‍යංශයේ ඉල්ලීම පරිදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නව පාඨමාලාවක් ලෙස ආරම්භ කෙරිණි. ඉන්පසුව රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුබද්ධිතවත් සම සෞඛ්‍ය පීඨයක් ස්ථාපිත කෙරිණි. එහෙත් එය ක්‍රියාත්මක වූයේ අවම පහසුකම් යටතේ වීම පිළිගත යුතුවූ සත්‍යයක් විය.

    මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට නොමැකෙන සේවයක් ඉටුකළ, විශේෂයෙන් තම ධුර කාලය තුළ මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට විශ්වවිද්‍යාල රැසක් එක්කල හිටපු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය රිචඩ් පතිරණ මැතිතුමන්ගේ මග යමින් ජනතා සේවයට කැපවූ එතුමන්ගේ පුතුවූ වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා එම තත්වය තේරුම් ගෙන වඩා පහසුකම් සහිත පරිපූර්ණ පීඨයක් ලෙසින් රුහුණු විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨය ගාල්ලේ ඉදිකිරීම ආරම්භ කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ දායකත්වය යටතේ , රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතාගේ පූර්ණ කැපවීම මත මූලිකත්වය ගනු ලබනවා.
    ඒ අනුව 2020 වසරේදී ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන්කොට ගනිමින් සම සෞඛ්‍ය විද්‍යා පීඨය සඳහා නව ගොඩනැඟිලි සංකීර්ණයට මුල්ගල් තැබීම පාර්ශ්වයන් රැසක සහභාගිත්වයෙන් 2020 දෙසැම්බර් 10 වෙනිදා අක්මීමණ වලහන්දූවේදී සිදු කරනු ලැබීය.

    රටේ පැවති දුෂ්කර ආර්ථික හා සමාජ වටපිටාව තුළ වුවත් අධ්‍යාපන ප්‍රවර්ධනයට මුල්තැන දෙමින් රුපියල් බිලියන 1.5ක පමණ මුදලක් ආයෝජනය කරමින් අංග සම්පූර්ණ කරනු සම සෞඛ්‍ය පීඨය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහ රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතාගේ ආරාධනයෙන්, රටේ අනාගත අධ්‍යාපන අභිවෘද්ධිය වෙනුවෙන් අභිමානවත් නායකත්වය ලබාදෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් , අද (19) මෙලෙස ජනතා අයිතියට පත් විය.

    වසරකට භෞත චිකිත්සක, වෛද්‍ය රසායනාගාර විද්‍යාව, ඖෂධවේදී , විකිරණශිල්පී සහ හෙද පාඨමාලා ලෙස පාඨමාලා රැසක් හදාරන ශිෂ්‍ය , ශිෂ්‍යාවන් 2000කට අධ්‍යාපන පහසුකම් සැලසෙන මෙම සම සෞඛ්‍ය පීඨය මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයටත් , ඒ ඔස්සේ බිහිවෙන වෘත්තීයවේදීන් තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් අනාගතවාදී ආලෝකයක් එක්කරනු ඇත.
    මෙම අවස්ථාවට රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති අකුරටියේ නන්ද ස්වාමීන් වහන්සේ, උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන, දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්, රුහුණු විද්‍යා පීඨයේ සිසු සිසුවියන් රැසක් එක් ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya