2019 වර්ෂයේ සැප්තැම්බර් මස 27 වන දින ආරම්භ කරන ලද මෙම වරාය පිවිසුම් අධිවේගී මාර්ගය දිගට කිලෝමීටර් 5.3 ක් වන අතර එක් පසෙකට මං තීරු දෙකක බැගින් සාදා ඇති අතර මෙම වසරේ ඔක්තෝබර් මස වන විට මහජන අයිතියට පැවරීමට නියමිතව තිබේ.
මෙම අධිවේගී මාර්ගය නිමවීමෙන් පසු කොළඹ වරායේ සිට හෝ ගාලු මෝදර සිට අධිවේගී මාර්ග ඔස්සේ රටේ ඕනෑම තැනකට මාර්ග තදබදයකින් තොරව ගමන් කළ හැකිය. එමෙන්ම කොළඹ වරායට වෙනම අන්තර් හුවමාරුවක් යොදා ඇති බැවින් කොළඹ වරායේ කන්ටේනර් ප්‍රවාහනය ද ඉතා පහසු වනු ඇත. මෙම අධිවේගී මාර්ගය ඉඟුරු කඩේ හන්දියේ සිට ගාලු මුවදොර දක්වා ඉදිවේ.
මෙමගින් කොළඹ වරායේ සිට අධිවේගී මාර්ගයට සහ අධිවේගී මාර්ගයේ සිට කොළඹ වරායට කන්ටේනර් ගමන් කළ හැක.
ව්‍යාපෘතියේ ප්‍රධාන කොන්ත්‍රාකරු වශයෙන් චීන සිවිල් ඉංජිනියරින් කන්ට්‍රක්ෂන් කෝපරේෂන් ආයතනය කටයුතු කරනු ලබයි. එසේම මෙම තාක්ෂණය ශ්‍රී ලංකාවේ පළමුවරට භාවිතා කරන අතර මෙම ව්‍යාපෘතිය ඔස්සේ ඉතා විශාල ශ්‍රී ලංකකින් ප්‍රමාණයකට මේ වන විට රැකියා අවස්ථා සැලසී තිබේ. මෙහි ශ්‍රම දායකත්වය 70% ක් පමණ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වීම මඟින් නව තාක්ෂණය ශ්‍රී ලංකාවට සම්ප්‍රෙක්ෂණය වීම ද සිදුව ඇත.
අනෙක් සියලුම ප්‍රධාන ව්‍යාපෘති රටේ ආර්ථික අවපාතය හමුවේ තර වී ඇති අතර මෙම ව්‍යාපෘතිය පමණක් කොවිඩ් - 19 සහ ආර්ථික අර්බුද හමුවේ ඉදිරියට ගමන් කර තිබේ.
මෙහි දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා;
“අපේ රටේ අධිවේගී මාර්ග ඉතිහාසයේ විශාල නව්‍යකරණයක් පරිවර්තනයක් වෙමින් තමයි වරාය පිවිසුම තුළ තිබෙන මෙම අධිවේගී මාර්ග ඉදිවෙලා තියෙන්නේ. ඉඟුරු කඩේ හන්දියේ සිට කොළඹ නගර ව්‍යාපෘතිය සහ ගාලු මුවදොරට කිසිදු වාහන තදබදයකින් තොරව ලංකාවේ ඕනෑම අධිවේගී මාර්ගයකට පිවිසුම් පිටවීම් ඇතිවන ආකාරයකට තමයි මෙය සැලසුම් කරලා තියෙන්නෙ. ආසියානු සංවර්ධන බැංකුව තමයි ඇමරිකානු ඩොලර් මිලියන 300ක දැවැන්ත ව්‍යාපෘතියට ණය ආධාර සපයා තියෙන්නේ.
ඉඟුරු කඩේ හන්දියේ සිට ගාලු මුවදොර දක්වා කිලෝමීටර් පහක ප්‍රමාණයක් කනු මත එන ලෝකයේ තියෙන තාක්ෂණය පාවිච්චි කරලා තමයි මෙම ව්‍යාපෘතිය නිම කරලා තියෙන්නේ. ඒ සඳහා චීන සිවිල් ඉංජිනියරින් කන්ට්‍රක්ෂන් කෝපරේෂන් කියන සමාගම තමයි ටෙන්ඩර් ලබාගෙන තිබුනේ 2019 දී.
ආර්ථික අර්බුදයෙන් පසුව සහ රටේ මුදල විශාල ලෙස අව ප්‍රමාණය වීමෙන් ඇතිවෙච්ච බලපෑම් පිළිබඳ නොසලකා ගිවිසුම් ගත මුදලටම මේ කටයුතු අඛන්ඩව පත්වාගෙන ඇවිල්ල තියෙනවා. සාමාන්‍යයෙන් සියලුම විදේශය ණය ආධාර නතර වුණා. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන තෙක් සියලුම රටේ සංවර්ධන ව්‍යාපෘති නතර වුණා.
නමුත් ආසියානු සංවර්ධන බැංකුවට ස්තූතිවන්ත වෙන්න ඕනේ ණය ගෙවීම් පැහැර හැරීමෙන් පසුවත් මෙම ව්‍යාපෘතියට පමණක් අඛන්ඩව සියානු සංවර්ධන බැංකුව මූල්‍ය සම්පත් නතර කරන්නෙ නැතුව සැපයීම පිළිබඳව. දැන් එම ගැටළුවක් නිරාකරණය වෙලා තියෙනවා. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟම ගිවිසුම් අත්සන් කරලා තිබෙන නිසා, විශේෂයෙන් ප්‍රංශයත් ඉන්දියාවත් ජපානයත් සමග නිල ණය ගනුදෙනුකරුවන් විදියට සහතිකයක් ලබාදීලා තිබෙනවා. අපි මේ සියලුම විදේශ ණය එකඟ වූ ආකාරයට ගෙවන්න ලංකා රජය, ලංකා ජනතාව පොරොන්දු වෙලා තිබෙනවා 2024 දක්වා. ඒ සඳහා රටේ නීතියක් බවට පරිවර්තනය වෙනවා ආර්ථික පරිවර්තන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසුව.
කවුරුන් රටේ ජනාධිපති වුණත් කවුරු ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කළත් ශ්‍රී ලංකා ආණ්ඩුව අන්තර්ජාතික ප්‍රජාවට ගිවිසගත් ආකාරයට ඒ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ක්‍රියාවලිය තුළ හැසිරෙනවා කියන එක පිළිබඳ ප්‍රතිඥාවක් ලෝකයාට ලබා දීම නිසා සියලුම නැවතිලා තියෙන සංවර්ධන ව්‍යාපෘති දැන් ආරම්භ කිරීමට පුළුවන්කම ලැබෙනවා. ඒ අනුව හංගේරියානු රජය ඒ රටේ බදු ගෙවන ජනතාවගෙන් ලබා දුන් බදු ණය මුදල් වලින් කොහුවල ගුවන් පාලම ඊයේ දිනයේ දී අපි විවෘත කළා.” යනුවෙනි.
එහි දී මාධ්‍යවෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසිය;
“හංගේරියානු තානාපතිතුමා සමග අගෝස්තු මාසයේ සාකච්ඡා කර ගැටඹේ ගුවන් පාලමේ වැඩත් නුදුරේම ආරම්භ කිරීමට සැලසුම් කරනවා. රටේ ජනතාවට ලබාදිය යුතු පණිවිඩය තමයි ලංකාවේ කිසිදු අධිවේගී මාර්ගයක්, පාරක්, පාලමක්, අනිකට් එකක්, වේල්ලක්, විදුලි බලාගාරයක් වැනි සංවර්ධන යෝජනා ක්‍රම වැනි කිසිදු එකක් හැදිලා නැහැ දේශීය හා විදේශීය වශයෙන් ණය ලබා නොගෙන. මක්නිසාදයත් ආණ්ඩුවේ පවත්නා වර්ෂය ලැබෙන සියලු බදු ගෙවන මහජනතාවගේ මුදල් සහ බදු නොවන ආකාරයෙන් ලැබෙන මුළු ආදායම කිසිම ආණ්ඩුවක් එදිනෙදා පවත්වාගෙන යන ආකාරයේ වියදම් දැරීමට ප්‍රමාණවත් නැහැ.
බදු මගින් ලැබෙන ආදායම ගිය වර්ෂයේ බිලියන තුනයි. රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් හා සහනාධාර සඳහා හා රාජ්‍ය ණය සඳහා පොලී ගෙවීම් වැනි පුනරාවර්තන වියදම් දරන්න ඒ ආදායම ප්‍රමාණවත් නැහැ. 2023 වර්ෂයේ රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් හා සුභසාධන වැනි සහනාධාර වියදම් හා රාජ්‍ය ණය සඳහා ගෙවන පොලී වැනි පුනරාවර්තනය වියදම් තියෙනවා බිලියන හතරයි දශම හතක්. ලංකා ආණ්ඩුවට තිබෙන්නේ බිලියන තුනයි. එකයි දශම හතක් එදිනෙදා වත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව සතිපතා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් ලබාගන්නා මුදලින් තමයි ආණ්ඩුව එදිනෙදා පවත්වාගෙන යන්නේ. ඒක තමයි මහපොළොවේ යථාර්ථය එදිනෙදා පවත්වාගෙන යන්න ප්‍රමාණවත් වියදමක් පියවීමට ප්‍රමාණවත් ආදායමක් නැහැ.
ඒක තමයි ජංගම ගිණුමේ රාජ්‍ය අය වැයේ වර්ධන ගිණුමේ පවතින හිඟය ඒ නිසා මේ සියල්ල කෙරිලා තියෙන්නේ විදේශ ණය ආධාර මත. අපි අධිවේගී මාර්ග සඳහා ලබාගෙන තියෙන ණය මුදල බිලියන 800යි. අධිවේගී මාර්ගවලින් මුදල් අය කරලා වර්ෂයකට ලැබෙන ආදායම බිලියන 05යි. බිලියන 05 ගානේ මේ ණය ගෙවන්න අවුරුදු එකසිය හැටක් යනවා අධිවේගී මාර්ග වලට ගෙන තියෙන ණය ප්‍රමාණය ගෙවලා නිම කරන්න. මේ අමාරු කාලය තුළ ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව හා ජාතියන්තර් මූල්‍ය අරමුදල ණය සපයන්නේ ඉතාම දීර්ඝ කාලීන සහනදායි පොලිය මතයි.
හිතකර බලපෑමක් ඇති වන ඵලදායි ව්‍යාපෘතියක් ලෙස මේ අධිවේගී මාර්ගය හඳුන්වන්න පුළුවන්. මෙම වසරේ නිමවීමට පෙර මේ ජනතා විදියට පත් කිරීමට හැකි වේවි. කොළඹ වරාය ව්‍යාපෘතිය සඳහා මෙමගින් අතිශය වැදගත් කාර්යභාරයක් තියෙනවා. මේ රටේ විදේශ ණය මත කරන ඵලදායී ව්‍යාපෘතියක් බවට මෙම ව්‍යාපෘතිය හඳුන්වන්න පුළුවන්. ඒ සඳහා දායකත්වය දැක්වූ ආසියානු සංවර්ධන බැංකුවට, චීන සිවිල් ඉංජිනියරින් කන්ට්‍රක්ෂන් ආයතනනයට ඇතුළු ඉංජිනේරුවන්ට ස්තුතිය පුද කරනවා” යනුවෙනි.
මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා, වරාය පිවිසුම් අවේගී මාර්ග ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ කේ. වී. කන්ඩම්බි මහතා, චීන සිවිල් ඉංජීනේරු සමාගමේ සාමාන්‍යාධිකාරී Yunxiang Xu මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.