මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ජගත් පරිසර දින ජාතික වැඩසටහනට සමගාමීව රාජ්‍ය, පෞද්ගලික, රාජ්‍ය නොවන සංවිධාන සහ පාසල් සිසුන් සම්බන්ධ කර ගනිමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි. ඊට සමගාමීව සෑම නිවසකම පැළයක් සිටුවන ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, සියලුම රාජ්‍ය ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධ කරගනිමින් එළඹෙන 05 වෙනිදාට පැළ දස ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් සිටුවීමට බලාපොරොත්තු වෙන බවයි. එම සිටුවන පැළය රැක බලා ගැනීම සඳහාද විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි වක් කුඹුර අමාත්‍යවරයා කීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,
අද පවතින කාලගුණය නිසා විශාල ගස් ප්‍රමාණයක් ඇද වැටිලා තිබෙනවා. කොළඹ නගරයේ පමණක් ගස් විශාල ප්‍රමාණයක අතු කපා තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන වැඩසටහන පැවැත් වෙන අතරම, ඊට සමගාමීව සෑම රාජ්‍ය ආයතනයකම පැළ සිටුවීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඉදිරියේදී පරිසරය සම්බන්ධ නීති කිසිවක් ලිහිල් කිරීමට බලාපොරොත්තු නොවන බවත් පොලිතින් භාවිතය අවම කිරීම හැකි පමණින් ක්‍රියාත්මක කරන බවද කීය.