ජූනි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රි ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා ආදායම් පරිපාලන පද්ධතියක් (RASED) ස්ථාපිත කෙරේ

    මැයි 23, 2024

    ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා ආදායම් පරිපාලන පද්ධතියක් (Rased)ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ

    ශ්‍රි ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ආදායම් උපයන දෙපාර්තමේන්තුවක් වුවද ,එහි ආදායම් පරිපාලන කාර්යයන් සඳහා උපකාර කර ගැනීමට දෙපාර්තමේන්තුව තුළ දැනට පවතින පැරණි පද්ධතීන් අකාර්යක්ෂම වීම,ඉන් සිදුවන ආදායම් කාන්දු විමට හා අක්‍රමිකතා වැනි දුර්වලතා ඇති වීමට හේතු වී ඇති අතර, මහජනතාවට හා අදාළ වෙනත් පාර්ශවයන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමටද අපහසු වී ඇත. එසේම ,අනෙකුත් ආයතනවල තොරතුරු තාක්ෂණ පද්ධතීන්  සමඟ ඒකාබද්ධ වී කටයුතු කිරීමේදී ගැටලුකාරී තත්ත්වයන් මතු වී තිබේ.ඒ අනුව,සියලුම දත්ත හුවමාරුව,අවදානම් කළමනාකරණය හා ආදායම් සැසඳුම යන මූලික කාර්යයන් ඉටු කර ගැනීම සදහා වඩාත් කාර්යක්ෂම හා සඵලදායි තොරතුරු සන්නිවේදන තාක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමේ අරමුණින් ශ්‍රි ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා ආදායම් පරිපාලන පද්ධතියක් හඳුන්වා දිම පිණිස මුදල්,ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමන් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya