අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ විධිවිධාන යටතේ CODEGEN INNOVATIONS ආයතනය ද්විතීයික ව්‍යාපාරයක් ලෙස නම් කෙරේ

    මාර්තු 26, 2024

    මෘදුකාංග ,දත්ත විද්‍යාව,නිර්මාණකරණය සහ දෘඩාංග යන අංශවලින් තාක්ෂණික විසදුම් ලබා දීමේ විශේෂඥතාවක් දක්වන CodeGen සමූහයේ අංශයක් වශයෙන් CODEGEN INNOVATIONS (PRIVATE) LIMITED ශ්‍රි ලංකාවේ ලියාපදිංචි කරනු ලැබ ඇති සමාගමකි.එම සමාගම කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව විසන් බලයලත් තැනැත්තෙකු වශයෙන් අනුමත කර ඇති අතර ,ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස නම් කිරීම සඳහා එකී සමාගම විසින් ඉල්ලුම් කර ඇත.එම සමාගම ඇමරිකානු ඩොලර් 500,000ක මූලික ආයෝජනයක් සිදු කරමින් වසර 05ක් වනවිට ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15ක් උපයා ගැනීමටත් ,එම කාලය ඇතුළත ආසන්න වශයෙන් රැකියා අවස්ථා 400ක් නිර්මාණය කිරීමටත් සැලසුම් කර තිබේ.

    එබැවින් 2023 අංක 02 දරන කොළඹ වරාය නගරය (ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ) නියෝගවල විධිවිධාන පරිදි එම සමාගම නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම සඳහා සුදුසුකම් සපුරා තිබේ.

    ඒ අනුව කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ විධිවිධාන යටතේ CODEGEN INNOVATIONS (PRIVATE) LIMITED වෙත නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීමටත් ,ඒ සඳහා වන නියමයක් ගැසට් පත්‍රෙය් පළ කිරීමටත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya