අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත විදුලි ගාස්තුව 22%කින් අඩු වෙයි - ආගමික ස්ථානවල විදුලි ගාස්තුව 33%කින් පහළට

    මාර්තු 05, 2024

    දැනට පවතින විදුලි ගාස්තු ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇති අතර ඒ අනුව ආගමික ස්ථානවල විදුලි ගාස්තුව සියයට 33කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබේ.

    සමස්ත විදුලි ගාස්තුව මේ අනුව සියයට 21.9කින් අඩු කර ඇති අතර එම නව ගාස්තු ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. ඒ අනුව ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයන් සඳහා දැනට ඒකකයක් සඳහා අය කරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩු කෙරෙන අතර එය සියයට 33.3ක අඩුවීමක් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේය.

    ඒකක 31ත් 60ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 28කින් පහළ දැමීමට කටයුතු කර ඇත. එසේම ඒකක 61ත් 90ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 30කින් පහළ දැමීමට කටයුතු කර තිබේ. මේ අතර ඒකක 91ත් 180ත් අතර පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 24කින් පහළ දැමීමට කටයුතු කර තිබේ. ඒකක 180ට වැඩි ගෘහස්ත පාරිභෝගිකයින් සඳහා සියයට 18කින් විදුලි බිල පහත දමා ඇත. හෝටල් සහ කර්මාන්ත අංශවල සියයට 18කින් විදුලි බිල අඩුකර ඇත.

    පොදු කාර්ය කාණ්ඩයට අයත් විදුලි බිල සියයට 23කින් අඩුකර ඇති අතර රාජ්‍ය අංශය සඳහා සියයට 22කින් විදුලි බිල අඩුකර තිබේ. එසේම වීදි ලාම්පු සඳහා විදුලි බිල සියයට 20කින් අඩු කිරීමට පියවර ගෙන ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya