මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “Medicare 2024 ජාතික සෞඛ්‍ය ප්‍රදර්ශණය” සාර්ථකව ආරම්භ වේ

    මාර්තු 01, 2024

    මෙරට ජාතික සුව සේවා ප්‍රදර්ශණය වන Medicare 2024 ජාතික සෞඛ්‍ය ප්‍රදර්ශණය අද දින (01)  පෙරවරුවේදී  සිරිමාවෝ  බණ්ඩාරණායක  සම්මණ්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.

    සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද මෙම ජාතික සුව සේවා ප්‍රදර්ශණය මෙවර පවත්වන්නේ 13 වෙනි වරටය. අද දින ආරම්භ කරන ලද ප්‍රදර්ශණය මාර්තු 03 වෙනි දින දක්වා දින තුනක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

    ජාතික සුව සේවා ප්‍රදර්ශණය , ආයුර්වේදීය  ඖෂධ ප්‍රදර්ශණය , සුවසේවා සංචරණ ප්‍රදර්ශණය , සුවබර ජීවන ප්‍රදර්ශණය යනුවෙන් ප්‍රධාන ප්‍රදර්ශණ ධාරා හතරක් යටතේ පැවැත්වෙන  ප්‍රදර්ශණය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඖෂධ , වෛද්‍ය උපකරණ සහ රෝහල් යන ප්‍රධාන අංශ ත්‍රිත්වයටම අයත් දේශීය හා ජාත්‍යන්තර ආයතන නියෝජනය කරන ප්‍රදර්ශණ කුටි 130 කට අධික ප්‍රමාණයකින් සමන්විත වන අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් ඇතුලුව දසදහසට අධික නරඹන්නන් පිරිසක් සහභාගි වනු ඇතැයි සංවිධායක කමිටුව අපේක්ෂා කරයි.

    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ පැවැත්වෙන 2024 මෙම ප්‍රදර්ශනයේ නවතම වෛද්‍ය තාක්ෂණයන් , ඖෂධ පිළිබද තොරතුරු හා දැනුම , රෝග නිවාරණය හා ප්‍රතිකාර පිළිබද දැනුම, උපදේශණය සහ වෙනත් උසස් වෛද්‍ය සේවාවන් රාශියකින් සමන්විත වේ .

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය , 2024 සංවිධායක කමිටුවේ සභාපති වෛද්‍ය අමල් හර්ෂ යන මහත්වරුන්, සංවිධායක කමිටුවේ නිළධාරීන්  ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya