අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජන­තා­වගේ ජීවන තත්ත්වය ඉහළ නැංවී­මට දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව විශාල වැඩ කොට­සක් ඉටු­ක­ර­නවා

    පෙබරවාරි 27, 2024

    බණ්ඩා­ර­වෙල දුම්රිය ස්ථානයේ අභි­න­ව­යෙන් ඉදි කරන ලද මාර්ගෝ­ප­ක­රණ කාම­රය, විදේ­ශීය සංචා­රක විවේ­කා­ගා­රය, ආපණ ශාලාව ඇතුළු නව ගොඩ­නැ­ඟිලි සංකී­ර්ණය ජනතා අයි­ති­යට පත් කිරීම ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු කෙරිණි.

    1893 ස්ථාප­නය කරන ලද ශ්‍රී ලංකාවේ ආක­ර්ෂ­ණී­යම දුම්රිය ස්ථාන අත­රින් එකක් වන බණ්ඩා­ර­වෙල දුම්රිය ස්ථානය පරි­හ­ර­ණය කරන විදේ­ශීය සංචා­ර­ක­යින් ඇතුළු මගී ජන­තාව වෙනු­වෙන් සල­සන පහ­සු­කම් තව­දු­ර­ටත් පුළුල් කිරීමේ අර­මු­ණින් සංචා­රක හා ඉඩම් අමා­ත්‍යාං­ශයේ මූල්‍ය ප්‍රති­පා­දන සහි­තව දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව විසින් මෙම නව ගොඩ­නැ­ඟිලි සංකී­ර්ණය ඉදි කර තිබේ.

    මෙම අව­ස්ථා­වේදී අද­හස් දැක්වූ ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා මෙසේ පැව­සීය.

    බණ්ඩා­ර­වෙල දුම්රිය ස්ථානය පද­නම් කර ගනි­මින් ප්‍රදේ­ශ­යට නව අග­යක් එකතු වන මෙම අව­ස්ථා­වට දායක වීමට ලැබීම පිළි­බ­ඳව විෂය භාර ඇමැ­ති­ව­රයා ලෙස මා සතු­ටට පත්ව­නවා. උඩ­රට දුම්රිය මාර්ගය පද­නම් කර ගනි­මින් මෙම ප්‍රදේ­ශය ලෝකය පුරා සංචා­ර­ක­යන් අතර අති­ශය ජන­ප්‍රි­ය­ත්ව­යට පත්ව තිබෙ­නවා. ඒ තුළින් මෙර­ටට පැමි­ණෙන විදේ­ශීය සංචා­ර­ක­යන් හරහා විශාල ඩොලර් ආදා­ය­මක් රටට හිමි වනවා මෙන්ම ප්‍රදේ­ශයේ නිෂ්පා­දන සඳහා ද විශාල ඉල්ලු­මක් සහ ආයෝ­ජන ප්‍රමා­ණ­යක් ඇති වෙනවා. ඍජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමා­ණ­යක් බිහි වෙනවා. එය ජන­තා­වගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා විශාල ලෙස උප­කාරි වෙනවා.

    සංචා­ර­ක­යන් ඉලක්ක කර­ගත් ඉහළ ගුණා­ත්මක පහ­සු­කම් ප්‍රදේ­ශය තුළ වඩා වර්ධ­නය කිරීම තුළින් සංචා­රක ආක­ර්ෂ­ණය ද වැඩි කර ගත හැකි වෙනවා. දුම්රිය දෙපා­ර්ත­මේ­න්තු­වට සංචා­රක ආක­ර්ෂ­ණය සඳහා විශාල ආයෝ­ජ­න­යක් සිදු කිරීම සඳහා මූල්‍ය තත්ත්වයේ ගැටලු පව­ති­නවා. විෂය භාර ඇමැ­ති­ව­රයා ලෙස මා මේ අමා­ත්‍යාං­ශයේ වග­කීම භාර ගන්නා විට දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ ආදා­යම බිලි­යන 2.6යි. එයින් 2.3ක්‌ අ­ති­කාල දීමනා සඳහා වැය වුණා. වැටුප් බිලි­යන 7යි. බිලි­යන දහ­ය­කට වඩා වැඩි අලා­භ­යක් දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව දරනු ලැබුවා. දෙපා­ර්ත­මේ­න්තුවේ සියලු දෙනාගේ දාය­ක­ත්වය ද ලබා ගනි­මින් අප ක්‍රියා­ත්මක කළ නව වැඩ පිළි­වෙළ තුළින් ආදා­යම බිලි­යන 13ක් දක්වා වැඩි කර තිබෙ­නවා. වාර්ෂික විය­දම බිලි­යන 36 දක්වා අඩු කර තිබෙ­නවා.

    රටක් වශ­යෙන් මුහුණ දී ඇති ආර්ථික අර්බු­ද­යට විස­ඳුම් සපයා ගැනීම සඳහා විදේ­ශීය වශ­යෙන් ණය ලබා ගැනී­මට නොහැකි අව­ස්ථා­වක දේශීය පෞද්ග­ලික අංශය සමඟ හෝ විදේ­ශීය ආයෝ­ජ­ක­යන් සමඟ එක්ව මෙම තත්ත්ව­යෙන් මිදී­මට මාර්ග සොයා­ගත යුතුයි. ඒ අනුව සංචා­ර­ක­යන්ට අවශ්‍ය පහ­සු­කම් වර්ධ­නය කිරීම සඳහා දායක වූ සංචා­රක මණ්ඩ­ල­යට ද මාගේ ස්තුතිය පිරි­න­ම­නවා. මෙම ව්‍යාපෘ­තිය වෙනු­වෙන් ඔවුන් රුපි­යල් මිලි­යන 15ක ප්‍රති­පා­දන ලබා දී තිබෙ­නවා. දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව රුපි­යල් මිලි­යන පහක ප්‍රති­පා­දන යොද­ව­මින් රුපි­යල් මිලි­යන 20ක් වැය කර මේ නව පහ­සු­කම් දුම්රිය ස්ථානයේ ස්ථාප­නය කර තිබෙ­නවා.

    ශ්‍රී ලංකාවේ වැඩිම ඉඩම් ප්‍රමා­ණ­යක අයි­තිය පව­තින දෙපා­ර්ත­මේ­න්තුව ලෙස දුම්රිය දෙපා­ර්ත­මේ­න්තු­වට ඊට වඩා විශාල ආදා­යම් ඉප­යීමේ හැකි­යා­වක් පව­ති­නවා. නමුත් අන­ව­සර අත්පත් කර ගැනීම් සහ අයථා ක්‍රියා සඳහා යොදවා ගැනීම හේතු­වෙන් මේ මහා සම්ප­තින් ලබා ගත හැකි වාණි­ජ­මය ප්‍රයෝ­ජන ලබා ගැනීම මඟ­හැරී තිබෙ­නවා. මේ කරුණු පිළි­බඳ ජනා­ධි­ප­ති­තුමා සහ කැබි­නට් මණ්ඩ­ලයේ ද අව­ධා­නය යොමු කර­මින් පසු­ගිය අය වැය යෝජනා සඳහා දුම්රිය ස්ථාන පද­නම් කර­ගත් ස්ටේෂන් ප්ලාසා සංක­ල්පය ඇතු­ළත් කර තිබෙ­නවා. ලෝකයේ බොහෝ රට­වල දුම්රිය ස්ථාන පද­නම් කර­මින් මෙවැනි ව්‍යාපෘති සාර්ථක ලෙස ක්‍රියා­ත්මක වෙමින් පව­ති­නවා. දුම්රිය මෙහෙ­යුම් කට­යු­තු­ව­ලට අවශ්‍ය පහ­සු­ක­ම්ව­ලට ඉඩ ලබා දෙන අතර, අනෙ­කුත් ස්ථාන සඳහා ඕනෑම ඵල­දායී ආයෝ­ජන ව්‍යාපෘ­ති­යක් සඳහා කැබි­නට් අනු­මැ­තිය සහි­තව දිගු­කා­ලීන බදු පද­නම යටතේ ඉඩ ලබා දීමට අප පිය­වර ගන්නවා. ඒ සඳහා විනි­විද පෙනෙ­න­සුලු ක්‍රම­වේ­ද­යක් අව­ශ්‍යයි. දේශ­පා­ලන සබ­ඳතා හිත­ව­ත්කම් හෝ වෙනත් ලාභ අපේ­ක්ෂා­වන් සඳහා මෙම ඉඩම් භාවිත කළ­හොත් එය විශාල අප­රා­ධ­යක්.

    එම නිසා ප්‍රවා­හන හා මහා මාර්ග අමා­ත්‍යාං­ශය සහ නාග­රික සංව­ර්ධන අමා­ත්‍යාං­ශය ලෙස ඇමැති ප්‍රසන්න රණ­තුංග මහතා සමඟ ඒකා­බ­ද්ධව ස්ටේෂන් ප්ලාසා සංක­ල්පය සඳහා කැබි­නට් පත්‍රි­කාව ඉදි­රි­පත් කර තිබෙ­නවා.

    එමෙන්ම අන­ව­ස­ර­යෙන් වසර දහ­ය­කට වඩා වැඩි කාල­යක් දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව සතු ඉඩ­ම්වල පදිං­චිව සිටින ව්‍යාපා­රික කට­යු­තු­වල නිරත වී සිටින පිරිස් සඳහා වර්ත­මාන තක්සේ­රුව අනුව එම සිය­ලුම දෙනා බදු ගෙව­න්නන් බවට පත් කිරී­මට අප පිය­වර ගන්නවා. වසර දහ­ය­කට වඩා අඩු කාල­යක් අන­ව­ස­ර­යෙන් පදිං­චිව සිටින, අත්පත් කර­ගෙන සිටින පිරිස් සඳහා නඩු පැව­රී­මට පිය­වර ගන්නවා.

    මේ වටිනා භූමි සම්ප­ත්ව­ලින් උප­රිම ප්‍රයෝ­ජන ගැනී­මට ඵල­දායී ව්‍යාපෘති ඉදි­රි­පත් කරන, ඒ සඳහා කැප­වන නිල­ධා­රීන්ට විශේෂ දිරි­ගැ­න්වීම් සහ ඇග­යීම් සිදු කිරී­ම­ටත් අප කට­යුතු කර­නවා. ඒ ආකා­ර­යෙන්ම රටේ සිය­ලුම දෙනාත් රටේ සංව­ර්ධ­නය වෙනු­වෙන් කැප­වෙ­මින් සිය දාය­ක­ත්වය ලබා දෙන්නේ නම්, වඩාත් යහ­පත් හෙට දින­යක් උදා කර ගැනී­මට අපට හැකි­වනු ඇති.

    ප්‍රවා­හන හා මහා මාර්ග අමා­ත්‍යාංශ ලේකම් රංජිත් රූබ­සිංහ, පාර්ලි­මේන්තු මන්ත්‍රී මේජර් සුද­ර්ශන දෙනි­පි­ටිය , දුම්රිය සාමා­න්‍යා­ධි­කාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර, නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරී (මෙහෙ­යුම්) වී.එස්. පොල්ව­ත්තගේ, ඌව පළාත් සංචා­රක අමා­ත්‍යාං­ශයේ අධ්‍යක්ෂ සම්පත් ප්‍රදීප් කුමාර නිශ්ශංක මහ­ත්වරු ඇතුළු ප්‍රදේ­ශයේ මහ­ජන නියෝ­ජි­තයෝ රැසක් මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya