ස්ථාවර නියෝග 27(2) යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
2023 ජූනි මාසයේ පැවැත් වූ පෝෂණ මාසයේ දත්තවලට අනුව වයස අවුරුදු 05ට අඩු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව 15 763ක් බව අමාත්‍යවරයා පැවසීය.2022 වසරේ මෙම සංඛ්‍යාව 18 420ක් බවද කීය.
ගර්භනී මව්වරු 14.1% ශරීර ස්කන්ධ දර්ශකයෙන් 18.5%ක අගයක් වාර්තා කර ඇත.ගර්භනී මව්වරුන්ගේ පෝෂණ මට්ටම සුළු ප්‍රමාණයකින් අඩු වීමට බලපාන ප්‍රධාන කරුණක් හැටියට පැවැති ආහාර උද්ධමනය හේතු වන්නට ඇතැයි විශ්වාස කරන බවද අමාත්‍යවරයා කීය.
වයස අවුරුදු 05 ට අඩු සාමාන්‍ය මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන්ට සහ වර්ධනය අඩාල වූ දරුවන්ට නිර්දේශ අතිරේක ආහාරයක් වන ත්‍රීපෝෂ ලබාදීමට පසුගිය කාලයේ හැකියාවක් නොතිබූ අතර එම ගැටළුවට අනුව ආහාර පනතට අනුව ඇෆ්ලොටොක්සීන් අඩංගු ත්‍රීපෝෂ නිෂ්පාදනය කිරීමට නොහැකි වීමයි. ලෝක සෞඛ්‍ය සංවිධනයෙත්,ලෝක ආහාර සංවිධානයෙත් තොරතුරු අනුව එම දරුවන්ට නැවත ත්‍රීපෝෂ ලබාගැනීමට හැකියාව ලැබෙයි.
පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට රජය ගෙන ඇති පියවර,ලෙස සුලභව ලබාගත හැකි පෝෂදායී ආහාර ප්‍රචලිත කිරීම, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන හා අනෙකුත් සංවිධාන මගින් සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවල මන්ද පෝෂණ දර්ශක අගය වැඩි අගයක් දක්වන පවුල්වලට මූල්‍යාධාර හා අහාර ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, නැවත ත්‍රීපෝෂ ලබාදීමේ වැඩසටහන වයස අවුරුදු 03ට අඩු දරුවන්ට ආරම්භ කිරීම, මව් වරුන්ට ලබාදෙන ආහාර මල්ල යුනිසෙෆ්,ලෝක ආහාර සංවිධානය, ළමා හා කාන්තා කාර්යංශය හා එක්ව, විධිමත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම,පෝෂණ ගුණයෙන් අනූන පලා වර්ග හා එළවළු වර්ග සහිත ගෙවතු වගාවලට උපදෙස් හා මාර්ගෝපදේශ ලබාදීම,
සෞඛ්‍ය නිලධාරී මට්ටමින් පවත්වාගෙන යන සායනික හා ගෘහ පිවිසීම් ශක්තිමත් කරමින් එමඟින් දරුවන් වෙත උග්‍ර කෘසභාවය මුල් අවධියේ ම හඳුනාගෙන ඒ වෙනුවෙන් ඒකපුද්ගල උපදේශකත්වය හා මැදිහත්වීම හා මගපෙන්වීම හා නිවැරැදි ආහාර පුරුදු ඇතිකරගැනීමට කටයුතු කිරීම ,පෝෂණ සායන මධ්‍යස්ථාන තවදුරටත් ශක්තිමත් කිරීමත්,ළමා වෛද්‍ය සායන,පෝෂණ වෛද්‍ය සායන,ජංගම සායන මගින් උග්‍ර කෘෂ මන්ද පෝෂණය මගින් රෝහල් මට්ටමින් පෝෂණීය ආහාර ප්‍රතිකාරය ලබාදිමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන වයස අවුරුදු 05 ට අඩු දරුවන් සිටින, අඩු ආදායම්පවුල් වල දරුවන් වෙනුවෙන් කැපකරු මාපිය ක්‍රමය මගින් ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමටත් රජයේ මූල්‍යාධාර වශයෙන් රුපියල් 15,000ක මුදලක් මාසිකව ලැබෙන පරිදි දීමනාව මාස 06කට ලබාදීම, මුල් ළමාවිය වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කිරීම,දරුවන් අතර අධි බර හා ස්ථූලතාව අඩු කිරීම, සිදු කෙරේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ජාතික පෝෂණ ප්‍රතිපත්තියේ සඳහන් ප්‍රතිපත්ති ප්‍රමුඛතා ක්ෂේත්‍ර හයකට අදාළ අමාත්‍යාංශ ,රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන සහභාගීත්වයෙන් ජාතික බහුවාර්ෂික පෝෂණ සැළසුම් 2024 සිට 2030 දක්වා වසර 06 ආවරණය වන පරිදි ජාතික ප්‍රතිපත්තිය දැනටමත් කෙටුම්පත් කර ඇති බවද අමාත්‍යවරයා කීය.
තවද දිස්ත්‍රික් මට්ටමින් බහුවාර්ෂික පෝෂණ සැලසුම් සකස් කිරීමට යුනුසෙෆ් ආධාර යටතේ සැලසුම් සකස් කර ඇත.
ජාතික පෝෂණ ප්‍රතිපත්තිය හා බහු වාර්ෂික පෝෂණ සැළැස්ම 2020- 24 සහ 2030 ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීමට ජාතික පළාත් දිස්ත්‍රික් ප්‍රාදේශීය හා ග්‍රාමීය්ය මට්ටමින් ඵිටුවා ඇති ආහාර සුරක්ෂිතතා සහ පෝෂණ සංයුක්ත යාන්ත්‍රණයක් පිහිටුවා ඇති අතර සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස ක්‍රියාකරන බවද අමාත්‍යවරයා කීය.