නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන් කුලවද්දා ගැනීමේ දී පවතින ඇතැම් නීති ලිහිල් කොට දරුවන් ලබාගැනීමට පහසුකම් සැළසිය යුතුයි

    නොවැම්බර් 30, 2023

    දරුවන් කුලවද්දා ගැනීමේ දී පවතින ඇතැම් නීති ලිහිල් කොට දරුවන් හදාගැනීමට කැමැති දෙමව්පියන්ට දරුවන් ලබාගැනීමට පහසුකම් සැළසිය යුතු බව කාන්තා,ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද (30) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය මෙසේ පැවසීය.

    දරුවන් ළමා නිවාසයක ගොඩ ගහ ගත්තා කියා දරුවන්ට සිදු වන සෙතක් නොමැති බවත් දරුවන්ට ඊට වඩා හොඳ ජීවිතයක් ගත කරන්න කටයුතු සූදානම් කර තිබෙන බවත් තමන්ගේ සංකල්පය අනුව''කවුළුව '' නමින් රෝහල්වල සකස් කරන ස්ථානය මූලික ව්‍යාපෘති ලෙස සිදු කරන බවද අමාත්‍යවරිය කීවාය.

    විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හැටියට හඳුනාගත් වෙනම දරුවන් පිරිසක් සිටිනවා.ඔවුන් මෙම දරුවන් සමඟ එකට දාන්නේ නෑ. ඒ දරුවන් වෙනුවෙන් විශේෂ පුහුණුව ලත් උපදේශකවරු ලවා උපදේශකත්වය ලාඅ දීලා, එම දරුවන් බලාගන්නවා.ඇතැම් පරිවාස නිලධාරීන්ට ඒ සම්බන්ධව විශේෂ හැකියාවක් නොමැති බව පිළිගන්නවා. දරුවන්ගේ මානසික වර්ධනය පිළිබඳ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට විශේෂයෙන් ම සළකනවා යැයි ද අමාත්‍යවරිය පැවසුවාය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya