නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොල් සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 125ක් මහා භාණ්ඩාගාරයට ලබාදෙයි

    නොවැම්බර් 30, 2023

    පොල් සංවර්ධන අධිකාරිය මෙම වර්ෂය තුළ උපයන ලද ආදායමෙන් රුපියල් මිලියන 125ක් මහා භාණ්ඩාගාරයට බාර දීමට සැලසුම් කර තිබේ.

    ඊට අදාළ චෙක්පත ඊයේ (29) සංකේතාත්මකව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රෝෂාන් පෙරේරා මහතා බාර දෙනු ලැබීය. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී මෙම චෙක්තපත පිරිනැමීම සිදු කර තිබේ.

    ඉදිරි සතිය තුළ මෙම රුපියල් මිලියන 125ක මුදලජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බාර දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

    වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ආයතන රැසක් ලාබ ලබන මට්ටමට පවතින බැවින් උපයන ආදායමෙන් කොටසක් මහා භාණ්ඩාගාරයට ලබා දීම සදහා කටයුතු කිරීම සම්බන්ධව එම සියලු කාර්ය මණ්ඩලවලට ස්තූතිවන්ත වන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    මෙම අවස්ථාවට හම්බන්තොට හිටපු දිස්ත්‍රික් ලේකම් හා ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඩබ්. එච්. කරුණාරත්න මහතා ද සහභාගි විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya