ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිිළිබඳව විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
දිනකට කොළඹ නගරයට වාහන ලක්ෂ 06ක් පමණ ඇතුළ්වන බවත්, මිලියන 2.5ක් පමණ ජනතාවක් කොළඹට පැමිණෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
කොළඹ නගරය තුළ තිබෙන වාහන තදබදය දිනෙන් දින වැඩි වෙනවා. දැන් වසර 04ක් තිස්සේ වාහන ආනයනය නතර කර තිබෙනවා. නමුත් තදබදය වැඩි වී තිබෙනවා. දිනකට කොළඹ නගරයට වාහන ලක්ෂ 06ක් පමණ ඇතුල් වෙනවා. දුම්රියෙන් එන මඟීන් ලක්ෂ 4ක්. බස් වලින් ලක්ෂ 7 1/2 පමණ එනවා. කාර් වලින් ලක්ෂ 3ක් පමණ ජනතාවක් එනවා.සමස්තයක් ලෙස මිලියන 2.5ක ජනතාව දිනකට කොළඹ නගරයට පැමිණෙනවා. එම පෞද්ගලික වාහන , මාර්ග ධාරිතාවෙන් 80%ක් ගන්නවා. අනෙක් වාහන 20% ක් පමණ තමයි.
තවද, අපේ රටේ විශාල විභවයක් තිබෙන දුම්රිය සේවාව සඳහා වැඩි ආයෝජනයක් සිදු කළ යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. සාම්ප්‍රදායික ලෙස රජයෙන් ආයෝජනය කරනවා වෙනුවට පෞද්ගලික අංශය සමග සම්බන්ධ වී නව ආයෝජන සිදු කර,ප්‍රවාහන ක්ෂේත්‍රය නවීණ තාක්ෂණය සමග ඉදිරියට යා යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.
ඉන්දියාව වැනි රටවලත් දුම්රිය දියුණු වී තිබෙන්නේ මෙම පෞද්ගලික අංශ සමග සහයෝගිතාව සමග ඉදිරියට යාම නිසා.ඉදිරියේදී ලෝක ජනගහණය තවත් 2/3ක් වැඩි වෙනවා. කාබන් විමෝචනය තවත් වැඩි වෙනවා.ඒ සඳහා අපි සූදානම් විය යුතුයි.තනි පුද්ගලයෝ පෞද්ගලික වාහන වලින් නගරයට ඇතුල්වෙනවා.මේ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි.
ප්‍රවාහන අමාත්‍යංශයට ලැබෙන ප්‍රධානම චෝදනාවක් තමයි මාර්ගයක් සංවර්ධනය කළාම විදුලි බල මණ්ඩලය හෝ ජලප්‍රවාහන මණ්ඩලය ගිහින් පාර හාරනවා කියන එක.මෙම ආයතන අතර සම්බන්ධතාවයක් ඇති කරන්න ඕන. වෙනත් රටවල මාර්ගයක් ඉදි කරද්දි සර්විස් ඒරියා එකක් වෙනම වෙන් කරනවා. ජලය, විදුලිය, දුරකථන යන සියළුම සේවාවන් එක තැනකින් ලබා ගන්න පුළුවන්. මාර්ගය කැඩීමට අවශ්‍ය නැහැ.