මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යුත් මාධ්‍ය සඳහා අනිසි ලෙස බලතල භාවිතා කර නැහැ- එසේ කිරීමට අදහසකුත් නැහැ - කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය

    ජූලි 05, 2023

    විද්‍යුත් මාධ්‍ය සඳහා මෙතෙක් අනිසි ලෙස බලතල භාවිතා කර නොමැති බවද, එසේ කිරීමට අදහසක්ද නැතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

    ඔහු මේ බව කියා සිටියේ, අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    විද්‍යුත් මාධ්‍ය සංගමය කෙටුම්පත ප්‍රතික්ෂේප කළ බවට ලිපියක් එවූ බවද, ඒ අයට සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලූ බවද කියා සිටි අමාත්‍යවරයා මේ සතිය තුළ හෝ ලබන සතියේ ඉඩක් ලද විගස ඔවුන් සමග සාකච්ඡා කර අවශ්‍ය සංශෝධන සිදුකර එකඟ විය නොහැකි කරුණු ඇතිනම් එකඟ විය හැකි ක්‍රමවේද සාදාගැනීමට බලාපොරොත්තු වන බවද පැවසුවේය.

    විද්‍යුත් මාධ්‍ය ආයතන සඳහා නිශ්චිත්‍ර ක්‍රමවේද යටතේ බලපත්‍ර ලබාදීමක් සිදුකරන බවද, අත්තනෝමතික ලෙස අමාත්‍යවරයා වශයෙන් බලය පාවිච්චි කිරීමට ඇති අවස්ථාව අහිමි කරගැනීමට සාකච්ඡා සිදුකරන බවද වැඩිදුරටත් පැවසුවේය.

    දැනට බලය පවතින ආකාරයට අනූව අමාත්‍යවරයාට සිතෙන ආකාරයකට කටයුතු කළ හැකි බවද අවශ්‍ය විටෙක බලපත්‍ර ලබාදිය හැකි සේම අවශ්‍ය විටෙක එම බලපත්‍ර අහෝසි කිරීමේ බලය ඇතැයිද අහෝසි කළ පසු අධිකරණමය ක්‍රියාමාර්ග රැගෙන එන තෙක් නතර කිරීමටද බලයක් ඇතැයි අවධාරණය කළේය.

    විද්‍යුත් මාධ්‍ය සමග මෙන්ම අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් අනුකාරක සභාවක් තුළින් මෙම කෙටුම්පත් සකස් කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

    වඩා ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් ලබාදීම සදහා සාපරාධී අපහාස නීතිය නීති පොතෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර දැමූ බව සිහිපත් කළ ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ හේතුවෙන් යම් මාධ්‍ය භාවිතයක් නිසා අගතියට හෝ අසාධාරණයකට පත්වන පාර්ශවයකට අධිකරණයකට ගොස් පිහිටක් පැතීමේ අවස්ථාවද අහිමි වී ඇතැයි පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya