මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බාහිර බලපෑම්වලින් සහ කුහක දේශපාලන අරමුණුවලින් සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටිමට ඉඩ තබන්නේ නෑ- සෞඛ්‍ය අමාත්‍ය

    ජූලි 05, 2023

    බාහිර බලපෑම් වලින් සහ කුහක දේශපාලන අරමුණු වලින්සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටිමට ඉඩ නොතබන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතු වී ඇති ගැටලු සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,

    2015 වර්ෂයේ සිට මේකට අරක් ගත් පිරිසක් ඉන්නවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය අරක් ගත් කොට්ඨාශයක් ඉන්නවා. ඒක් විශේෂඥයෙක් ඉවත් කළහම ඔහු ලංකාව වටේම කැරලි ගහනවා.මුදල් අමාත්‍යංශයේ සමග ඉතාමත් අපහසුවෙන් තමයි මෙම වැඩපිළිවෙළ කරගෙන යන්නේ .

    පේරාදෙණිය දරුවාගේ නිර්වින්දන බෙහෙත සම්බන්ධයෙන් ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ දරුවන්ට කිසි සේත් එවැනි නිර්වින්දන ඖෂධ ලබා නොදෙන බවයි.නිර්වින්දනය සඳහා ලබා ‍ෙදන ඖෂධ 14ම කිසිදු අඩුවක් නැතිව ඇතැයිද හෙතෙම පැවසීය.

    නුවර එළියේ සිද්ධිය සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එම බෙහෙත වසර 07ක් පැරණි බෙහෙතක් බවයි.ඖෂධ සම්බන්ධයෙන් ඇති වී තිබෙන සංකූලතා සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් අමාත්‍යවරයා ඇතැම් පිරිස් වැරදි ප්‍රචාර කරමින් වැරදි මත සමාජගත කරන බවයි

    සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබනෙ විවිධ ඖෂධ සහනාධාර වරායේ හිර වී කල් ඉකුත් වන බවත් එම ඖෂද වරායෙන් නිදහස් කර ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කළ බවත් අමාත්‍යවරයා පැවසීය.

    සහනාධාර වශයෙන් ලැබෙන බොහොමයක් ඖෂධ කල් ඉකුත් වීමට ආසන්න වූ ඖෂධ. එම ඖෂධ නිදහස් කර ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කළා. ඒ සඳහා අපේ නීති රීති පවා වෙනස් කරන්න සිදු වුණා. එසේ නොකලා නම් මේ රටේ ජනතාවට මීට වඩා ඖෂධ හිගයකට මුහුණ දීමට සිදු වෙනවා. මේ සඳහා ඕනෑම පරීක්ෂණයකට මුහුණදීමට තමා සූදානම් බවද හෙතෙම සඳහන් කළේය.

    මෙරට පළමු වතාවට ඇක්ටරිරේටි ලැබ් එකක් සැදීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබෙනවාඑදා චීනෙන් ආපු පොහොර නැවට අපි දීපු සහතිකය පිළිගත්තේ නැහැ. හේතුව එම පොහොර පරීක්ෂා කිරීමට රසායනාගාර පහසුකම් මෙරට නොතිබීම . ඒ සඳහා ඉදිරියේ ඇක්ටරිරේටි ලැබ් එකක් ආරම්භ කරනවා.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya