මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය නැවත මෙරටට ලබා ගැනීම සම්බන්ධව කැබිනට් මණ්ඩලයට යෝජනාවක් - අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    ජූලි 05, 2023

    ජපාන රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) ආරම්භ කිරීමට හැකි වනු පිණිස කොළඹ පිහිටි රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලය සමඟ සාකච්ඡා නැවත සක්‍රීය කර අදාළ ගිවිසුමට එළඹීම සඳහා උචිත කාල රාමුවක් සකස් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    ව්‍යාපෘතිය ආරම්භ කිරීම පිළිබඳව වන සියලු කරුණු කාරණා අධ්‍යනය කිරීමෙන් අනතුරුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට යෝජිතව තිබුණ ද, පෙර සිටි ජනාධිපතිවරයාට ලැබුණු උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම අතරමඟ නතර කිරීමෙන්, හදිසියේ නතර කිරීම නිසා යම් යම් රාජ්‍ය තාන්ත්‍රික ගැටළු ස්වභාවයන් ඇතිව තිබුණු බවත්, මෙම ව්‍යාපෘතිය නැවත ලබා ගැනීම මඟින් වඩාත් සමීප ජාත්‍යන්තර සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට කටයුතු කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ව්‍යායාමයක් බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

    ඒ අනුව, මෙමඟින් බිලියන 03ක් පමණ විදේශ විනිමයක් රටට ලබාගත හැකිවනු ඇති බව ද හෙතෙම මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya