මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නෙදර්ලන්ත මූල්‍ය අනුග්‍රහය යටතේ උතුරු පළාතේ සෞඛ්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීමට ගිවිසුමක්

    ජූලි 05, 2023

    ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සෞඛ්‍ය සේවා සැපයීමට නෙදර්ලන්ත රජයෙන් සහනදායී ණය යෝජනා ක්‍රමයක් ලබාදී ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ඔහු මේ බව පැවසුවේ, අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    උතුරු පළාතේ සෞඛ්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීම සඳහා ව්‍යාපෘති පිරිවැයෙන් 75%ක් මූල්‍යණය කිරීම සඳහා යුරෝ මිලියන 4.5ක ණය මුදලක් ලබාගැනීම පිණිස නෙදර්ලන්යේ ing සමග ගිවිසුමකට එළඹ ඇතැයිද ඉතිරි 25%ක ව්‍යාපෘතිය නෙදර්ලන්ත රජයෙන් Invest International Public Programme තුළින් ප්‍රධානයක් වශයෙන් මූල්‍යණය කරනු ලබන බවද පැවසුවේය.

    මේ වන විට ව්‍යාපෘතියේ භෞතික ප්‍රගතිය 93%ක් පමණ වන බවද, ලංකාවේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන ණය මුලදින් 10%ක් පමණ අඩු කර ව්‍යාපෘතිය සඳහා ලබාදෙන ප්‍රදානය 35% දක්වා ඉහළ නැංවීමට නෙදර්ලන්ත රජය විසින් තීරණය කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඒ සඳහා අදාල සංශෝධන ඇතුලත් කරමින් නෙදර්ලන්ත Invest International Public Programme නෙදර්ලන්ත ing බැංකුව සමග එකඟතා ගිවිසුමකට එළඹීමට ඇතැයිද ඒ සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදුන් බවද අමාත්‍යවරයා පැවසුවේය.

    මෙම අවස්ථාවේ රටෙහි පවතින ආර්ථික හා මූල්‍ය අර්බුදය සැලකිල්ලට ගෙන නෙදර්ලන්ත රජය ලංකාවට වාසිදායක තීන්දුවක් ලබාදී ඇතැයිද කැබිනට් ප්‍රකාශකවරයා අවධාරණය කළේය.

    මෙය මෙම අවස්ථාවේදී ලංකා ආණ්ඩුවට විශාල සහනයක් බවද මෙම තීරණය ගැනීම සම්බන්ධයෙන් නෙදර්ලන්ත රජයට ජාතියේ ගෞරවය පුදකරන බවද සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya