මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වී,බඩඉරිගු,මිරිස් භෝග සඳහා ලබා දෙන රක්ෂණාවරණය ඉදිරියේ දී රට කජු, උඳු වැනි භෝග සඳහා ලබා දීම කෙරෙහි අවධානය

    ජූලි 05, 2023

    වී, බඩඉරිගු,මිරිස් වැනි භෝග සඳහා ලබා දෙන රක්ෂණාවරණය ඉදිරියේදී රට කජු, උඳු වැනි භෝග සඳහා ද ලබා දීම සම්බන්ධයෙන් සොයා බලන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    වී, බඩඉරිගු, මිරිස් වැනි කෘෂි නිෂ්පාදන දිරිගැන්වීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසීය.

    රජය 2018 වසරේ වී, බඩ ඉරිගු, මිරිස් , ලොකු ලූණු,සෝයා,අර්තාපල් වැනි භෝගි කිහිපයක් සඳහා නොමිලයේ රක්ෂණාවරණයක් ලබා දුන්නා. වාර්ෂිකව බිලියන ගණනක විශාල මුදලක් වන්දි වශයෙන් ලබා දුන්නා. රජය කිසිදු සහනයක් බලාපොරොත්තු නොවී මෙම කටයුතු සිදු කරන්නේ. 2024 දීද මෙම සහනය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. රජය ගොවින්නේ කිසිදු මුදලක් අය නොකර තමයි මෙම රක්ෂණාවරණ ලබා දෙන්නේ. ඉදිරියේදී තවත් භෝගි කිහිපයක් මෙම රක්ෂණාවරණයට ඇතුලත් කිරීමට බලාපොරොත්තු වෙනවා.සුළු මුදලක් ගෙවීමෙන් කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා මෙම කෘෂි රක්ෂණාවරණයට ඇතුල් වීමේ හැකියාව තිබෙනවා.

    වී ‍ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 20,000ක නැවත අය නොකරන මුදලක් ලබා දීමට ගෙන ඇති ඉල්ලීම අනෙක් භෝග සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන බව හෙතෙම පැවසීය.

    සත්ව පාලනය සඳහා තරුණ පරපුර යොමු කර ගැනීමසඳහා අඩු පොළී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යෙමු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළීතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මේ දිනවල වෙළෙඳපල මත්ස්‍ය මිල ඉහළ යාම නිසා කුකුල් මස් සඳහා විශාල ඉල්ලුමක් ලැබී ඇති බවත්, එම නිසා කුකුල් මස් මිල ගණන් ඉහළ ගොස් ඇතැයිද අමාත්‍යවරයා පැවසීය. ඉල්ලීම වැඩි වීම නිසා අනිසි ලාබයක් ගන්න ඇතැම් අය උත්සාහ කරන බවත් මේ සම්බන්ධයෙන් රජය විශේෂ වැඩපිළිවෙළක් ගෙන යන බවද පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ,

    කොවිඩ් සමයේ බිත්තර කර්මාන්තය කඩා වැටුණා. කුකුල් ගොවිපලවල් රාශියක් වැහිලා තිබුණා. නමුත් මේ වන විට කුක්ල් මස සහ බිත්තර කර්මාන්තය ක්‍රමානුකූලව වර්ධනය වෙමින් තිබෙනවා. මාළු වල අඩුපාඩුව අවම කරමින් ඒ් වෙනුවට වෙළෙඳපල කුකුල් මස් හිගියකින් තොරව අඩු මිලට ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya