මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසුගිය සෙනසුරාදා පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී කතානායකතුමා කටයුතු කළේ නීතියට අනුවයි

    ජූලි 05, 2023

     ඒ සඳහා සභාවේ අනුමැතිය හිමිවූණා...
     තම කථිකයන්ට කතා කිරීමට අවස්ථාව නොදුන් බවට වැරදි මතයක් ගොඩ නැඟීමට විපක්ෂය උත්සාහ ගන්නවා.

    පසුගිය සෙනසුරාදා පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී කතානායකතුමා නීතියට අනුව කටයුතු කර ඇති බවත්, ඒ සඳහා සභාවේ අනුමැතිය හිමිවූ බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


    අමාත්‍යවරයා පවසන්නේ, සෙනසුරාදා පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී තම කථිකයන්ට කතා කිරීමට අවස්ථාව නොදුන් බවට වැරදි මතයක් ගොඩ නැඟීමට විපක්ෂය උත්සාහ ගන්නා බවයි. එම වැරදි මතවාදය ගොඩ නැඟීමට විපක්ෂයට අවස්ථාව ලබා නොදෙන ලෙසද අමාත්‍යවරයා මෙහිදී කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

    විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අද (5) නැඟූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසීය.‍

    එහිදී මෙවන් සංවාදයක් ඇතිවිය.
    සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත (ශ්‍රී.පො.පෙ)- ගරු කතානායකතුමනි, මේ ගරු මන්ත්‍රීවරුන්ට ඕන තරම් කාලය ගන්න පුළුවන්. පොයින්ට් ඔෆ් ඕඩර්ස් මතු කරන්නත් පුළුවන්. නමුත් දැන් මේ පොයින්ට් ඔෆ් ඕඩර්ස් මතුවෙන්නේ න්‍යාය පත්‍රයට අදාළ කාරණයකදි නෙවෙයි. ඒ නිසා න්‍යාය පත්‍රානුකූලව එතුමන්ලට අවස්ථාව දෙන්න කියල මම ඉල්ලීමක් කරනවා. නැත්නම් සභාවේ කටයුතු හරියට කරගෙන යන්න බැරි වෙනවා. පක්ෂ නායක රැස්වීමේදී ගන්න තීන්දුව ඒකයි. සමහර මන්ත්‍රීවරු පක්ෂ නායක රැස්වීමේ ගන්න තීන්දු ගැන දැනුවත් වෙලා නැහැ. බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි (ස.ජ.බ) - රැස්වීම් කටයුතු පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අට තුළ තිබෙනවා. සවස 5.30 වෙනකොට කිසිවක් නොවිමසා සභාව කල්තැබිය යුතු බව ඔබතුමා කිව්වා. අපි ඒක පිළිගන්නවා. ඒක තමයි නීතිය. නමුත් ඔබතුමා කළේ මොකද්ද? සභානායකතුමා හෝ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා හෝ සභාවේ කාලය දික්කිරීම පිළිබවඳව ඉල්ලුවේ නැහැ.

    කතානායන මහින්ද යාපා අබේවර්ධන - නෑ.. කල් ඉල්ලුවා.
    (සභාවේ දිගටම කෑකෝ ගැසීම්)


    බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි (ස.ජ.බ) - ඔබතුමා කළේ ආණ්ඩුව විසින් කළ යුතු දෙයක්. ඒක වැරදියි. ඔබතුමා මුලසුනේ ඉඳගෙන ආණ්ඩුව නියෝජනය කරනවා. ඒක වැරදියි. ඇයි එහෙම
    කරන්නේ.

    කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් (ස.ජ.බ) - ගරු කතානායකතුමනි, සාමාන්‍යයෙන් අනිත් දවස්වලට වේලාසනින් පාර්ලිමේන්තුව ඉවර කරන්න අවශ්‍ය වුණාම කතිකයන්ගෙ වෙලාව අඩු වෙනවා. හැමදාම අපෙත් අඩු කරල තිබෙනවා. එදා පාර්ලිමේන්තු වෙලාව දික්වෙන බව දැනුන නිසා අපි මහලේකම්තුමියගෙන් ඇහුව්වම එතුමිය කිව්වා නවය වෙනකම් විවාදය පැවත්වෙනව කියලා. අපි වෙලාව අඩුකර ගත්තෙ නැත්තෙ ඒ නිසයි. එහෙම තියෙද්දි එකපාරටම රෑ 7.30ට ඉවර කළේ ඇයි? අපි හිටියේ ඒ නිසයි. නැත්නම් අපි වෙලාව අඩුකර ගන්නවනේ. කතානායන මහින්ද යාපා අබේවර්ධන - එකපාරටම නෙවෙයි. න්‍යාය පත්‍රයේ තියෙනවා. 7.30ට අවසන් කරනව කියලා.

    (සභාවේ දිගටම කෑකෝ ගැසීම්)
    ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ)

    ගරු කතානායකතුමනි, මට මේකට වෙලාව ලබාදෙන්න. විපක්ෂය උත්සාහ ගන්නේ සෙනසුරාදා තිබුණු පාර්ලිමේන්තු විවාදය අපි 7.30ට අවසන් කරල ඒ අයට කතා කරන්න අවස්ථාව දුන්නෙ නැහැ කියල පෙන්වන්න. පක්ෂනායක රැස්වීමේදී අපි තීන්දුවක් ගත්තා රාත්‍රී 7.30ට ඡන්දය ගන්නවා කියලා. ඒක ඔබතුමා වගේම අපි සියළුම දෙනාත් දන්නවා. යම් හෙයකින් ඡන්දය ගන්නෙ නැත්නම් ඕන තරම් වෙලා කතාකරන්න ඉඩ දෙන බවත් අපි තීරණය කළා. න්‍යාය පත්‍රයේ ඉතාම පැහැදිලිව ඒ බව සඳහන්වෙලා තිබෙනවා. ගරු කතානායකතුමනි, විවාදයේදී අපේ පැත්තේ කථිකයන් හය දෙනෙකුටත් කතා කරන්න අවස්ථාවක් ලැබුනේ නැහැ. ඔබතුමා නීතිය අනුව කටයුතු කළා. ඒ සඳහා සභාවේ අනුමැතිය ලැබු‍ණා. මේ සම්බන්ධයෙන් වැරදි මතවාදයක් ගොඩනඟන්න දෙන්න එපා.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya