මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහ කන්නයේ දී බඩඉරිඟු වගා කරන ගොවීන්ට බිම් සකස් කර ගැනීමට අක්කරයකට රුපියල් 20,000ක මුදලක්

    ජූලි 05, 2023

    ලබන මහ කන්නයේ දී බඩඉරිඟු වගා කරන ගොවීන්ට බිම් සකස් කර ගැනීමට අක්කරයකට රුපියල් 20,000ක නැවත අය නොකෙරෙන මුදලක් ලබා දෙනබව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

    එසේම වගාවට අවශ්‍ය බඩඉරිඟු බීජ හා පොහොර සියල්ල නොමිලයේ ලබා දීමට SAPP ව්‍යාපෘතිය තීරණය කර ඇත.

    කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කුඩාපරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩසටහන (SAPP- Small Scale Agri- Business Participation Project) යටතේ ලබන මහ කන්නයේ දී බඩඉරිඟු වගාව සඳහා දිස්ත්‍රික්ක පහක් තෝරාගෙන එහි ගොවීන්ට අවශ්‍ය සහන රැසක් ලබාදීමට පියවර ගෙන තිබේ

    ලබන මහ කන්නයේ දී හම්බන්තොට, මොණරාගල, අනුරාධපුර, අම්පාර හා බදුල්ල දිස්ත්‍රික්කවල බඩඉරිඟු වගා කරන ගොවීන්ට වගාව සඳහා ආධාරඋපකාර රැසක් ලබා දීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ඊයේ (4) පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

    ඒ අනුව බඩඉරිඟු වගා කරන ගොවීන්ට අක්කරයකට රුපියල් 20,000ක මුදලක් බිම් සකස් කර ගැනීම සඳහා නැවත අය කර ගැනීමකින් තොරව ලබාදීමට කටයුතු යොදා තිබේ. එමෙන්ම වගාවට අවශ්‍ය බඩඉරිඟු බීජ හා පොහොර සියල්ල නොමිලයේ සපයනු ලබයි.

    ඉහත සඳහන් කළ දිස්ත්‍රික්ක පහ තුළ අක්කර 22,000ක බඩඉරිඟු වගා කිරීමට කුඩා පරිමාණ කෘෂිව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩ සටහන මේ වනවිටසැළසුම් කර තිබේ.

    ශ්‍රී ලංකාවේ සත්ව ආහාර සකස් කිරීම සඳහා අවශ්‍ය බඩඉරිඟු නොමැතිවීම හේතුවෙන් මෙම වසරේ ගත වූ කාලය තුළ කිරි, බිත්තර හා කුකුළු මස්නිෂ්පාදනය පහත වැටී තිබිණි.

    එම නිසා සත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු දේශීය වශයෙන් නිෂ්පාදනය ඉහළ නැංවීම ඉළක්ක කරමින් මෙම පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන්කළේය.

    බඩඉරිඟු වැවීම සඳහා යෝජිත දිස්ත්‍රික්ක අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 5000ක් හා අනුරාධපුර අක්කර 10,000කත් ඉතිරි ප්‍රමාණය අනෙකුත්දිස්ත්‍රික්කවලත් SAPP ව්‍යාපෘතියේ ආධාර යටතේ වගා කිරීමට නියමිතය.

    මෙම අක්කර 22,500 SAPP ව්‍යාපෘතිය යටතේ වගා කෙරෙන බිම් ප්‍රමාණය වන අතර තවත් අක්කර දහස් ගණනක බඩඉරිඟු වගා කිරීමට කෘෂිකර්මඅමාත්‍යාංශය සැළසුම් කර තිබේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya